IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ගායකයෙක් ව්‍යාජ පිස්තෝලයක් -මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ජනප්‍රිය රැප් ගායන ශිල්පියෙකු ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

එම සැකකරු සමඟ ව්‍යාජ පිස්තෝලයක් , අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 20 ක් හා හෑෂ් ගෑම්  35 ක් පොලිස් භාරයට ගෙන ඇත.

 හය දෙනෙකුගෙන්  පිරිසක් කුඩා වීදුරු ටීපෝවක් මත  මත්ද්‍රව්‍යය  සහ පිස්තෝලයක්ද තබාගෙන රැඳී සිටිමින්  මත්ද්‍රව්‍ය පානය කරමින් මත් ගතියෙන් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මුහුණු පොත ඔස්සේ සංසරණය විම   සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියේ අවධානය යොමු වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී එම වීඩියෝවේ සැකකාර  ගායකයාද රැඳී සිටින බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

මේ අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ඔහු පදිංචි හෝමාගම මවුන්ට් ක්ලිෆඩ් නිවාස සංකීර්ණයේ දි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 

 



අදහස් (4)

ගායකයෙක් ව්‍යාජ පිස්තෝලයක් -මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

කව්ද බෝයි Monday, 25 August 2025 02:08 PM

ගායකයා දැන් තමයි ජනප්‍රිය වෙන්නේ.

:       1       24

බද්රානි Monday, 25 August 2025 02:37 PM

තරුණ සමාජය නොමග යවන "අපිරිසිදු" රැප් කාරයෙක් ලංකාවේ ඉන්නවා.. ඒ උද්දච්ඡයා ගැනද මේ කියන්නේ..? මේ වගේ තුප්පහි අමනයින්ට රැප් ගායකයෝ කියලා කියනවා නම්, එය සැබෑ රැප් ගායකයින්ට කරන අවමානයක්..

:       1       23

ගමේ එකාලා. Monday, 25 August 2025 02:54 PM

කව්ද ඔය කියන තරම් ජනප්‍ර්‍රිය ගායකයා...?

:       0       17

අරුනි Monday, 25 August 2025 05:37 PM

සෙල්ලම් පිස්තෝල, තුවක්කු විකුණන කඩසාප්පුකාරයෝ අත්අඩංගුවට ගෙන නැද්ද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2036 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site