(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී හෙට (5)තීරණය කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හෙට(5)පෙරවරුවේ රැස්වෙයි.
මීට අමතරව මේ සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන ආකාරය සහ එම රැස්වීම්වලදී විවාදයට ගන්නා කාරණා පිළිබඳවද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
මේ අතර පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ ඉන් පිටතවූ පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා ඇතිවූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුවේ වාර්තාව කතානායකවරයාට මේ සතියේදී භාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වාසභංගවලට මෙයා බය නැහැ... ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙක්...
අපෝ මේ අය එපා
රට බිම දමා පාගන බව දන්නේය. පිට පිට ගුටි කතත් තව මර නින්දේය. කට මැත කියන්නේ සක්වල පව්වේය. අපි නම් කියන්නේ අං නැති මීමාය.