(මනෝප‍්‍රිය ගුණසේකර)
ව්‍යාජ අත්සනක් යොදා සකස් කළ ඇටෝර්නි බලපත්‍ර මගින් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව නඩුවේ වැඩිදුර විභාග අපේ‍්‍රල් 30 වැනිදා කැඳවන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා නියම කළේය.
ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු වන බ‍්‍රැඞ් සැඩික් මහතා 2015 අගොස්තු මස 02 වැනිදා පොලිස් විශේෂ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන අංශය විසින් කරන ලද පරීක්‍ෂණයකින් අනතුරුව නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
1996 සැප්තැම්බර් මස 26 වැනිදාත් 1997 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලයේ රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කරන ලදැයිද ඊට ආධාර හා අනුබල දෙන ලදැයිද චෝදනා හතරක් විත්තිකරුවනට එරෙහිව චෝදනා නඟා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න එපා නිදොස් කොට නිදහස්....
ඊළඟට අපට අසන්න ලැබෙන්නේ ... ‘‘සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්...!!!
නිදොස් කොට නිදහස්.. රෝහිත, මහින්දානන්ද, ජොනී සියලු දෙනා නිදහස් කළානේ. ඒ අයත් කැබිනට් එකේ අයනේ. ඉතින් එහෙම තමයි වෙන්න ඕනෑ. එක රටක, එක නීතියක් දැන් තියෙන්නේ..
මේකත් හරියට ගොනුකරලා නැහැනේ.. දන්නේ නැද්ද? විසි කරන්න... විසිකරන්න... නිකන් කාලේ නාස්ති නොකර..
නිදොස්කොට නිදහස් වේවි...!!!