(තිලකරත්න දිසානායක)
කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව අද (17) උදෑසන වනවිට 92,222 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1208 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
මින් 241 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් සෙසු කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම ජාඇල - 184 ක්, ගම්පහ - 136 ක්, මිනුවන්ගොඩ - 133 ක්, බියගම - 123 ක්, කැලණිය - 99 ක්, දිවුලපිටිය - 96 ක්, රාගම - 55 ක්, දොම්පෙ - 53 ක්, අත්තනගල්ල - 50 ක්, සීදූව - 11 ක්, මීරිගම - 9 ක්, සහ මීගමුව - 5 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව 61 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 48 ක්, බියගමින් - 8 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව - 5 දෙනෙකු හමුව ඇත.
එම කාලය තුල දිස්ත්‍රික්කයෙහි රෝහල්වලට ආසාදිතයින් 548 දෙනෙකුද , සැක සහිත රෝගීන් 61 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් වෙබ් අඩවියෙහි සදහන්ය. ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 421 දෙනෙකි.
නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 27,299 දෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ නගර සභා පිටියේ දැවැන්ත එන්නත්කරණ මධ්‍යස්ථානයක් යුධ හමුදාවේ උදව්වෙන් හෝ පිහිටුවලා ඉක්මනින් එන්නත්කරණය සිදු නොකරන්නේ ඇයි ?