(තිලකරත්න දිසානායක)
ගම්පහ සණස නගර බැංකුවෙහි සහ දිස්ත්‍රික් සංගමයේ තැන්පත්කරුවන්ගෙන් වංචා කර ඇති රුපියල් කෝටි 300 ක පමණ මුදල් ආපසු ලබා දීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ගම්පහ අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට දී අද (27) උදෑසන නිහඬ විරෝධතාවයක් පැවැත්වූහ.
නගර බැංකුවෙහි තැන්පත්කරුවන් 1500 දෙනෙකු පමණ සහ දිස්ත්‍රික් සණස බැංකුවල තැන්පත්කරුවන් 50,000 ක් පමණ වන පිරිසක් තැන්පත් කර ඇති මුදල් මේ වනවිට අහිමි වීමෙන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ඔවුහු ප්‍රකාශ කළේය.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම විරෝධතාවය පැවති අතර මෙහිදී දිස්ත්‍රික් තැන්පත්කරුවන්ගේ එකමුතුවෙහි සභාපති සුනිල් පේමසිරි සහ එහි ලේකම් අජිත් පෙරේරා යන මහත්වරුන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
වසර 20 ක පමණ කාලයක් සමුපකාර දෙපාර්තමේන්තුව මගින් සණස දිස්ත්‍රික් සංගමයට අයත් බැංකුවල මූල්‍ය කටයුතු නිසියාකාරයෙන් විගණනය නොකිරීම මත මූල්‍ය වංචාවක් සිදු කිරීමට හැකිව ඇති බවත් සණස වත්කම් අලෙවි කර තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 300 ක පමණ ආපසු ලබා දීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගම්පහ සණස තැන්පතුකරුවන්ගේ නිහඬ විරෝධතාවයක්