(නිමල කොඩිතුවක්කු,තිලකරත්න දිසානායක)
සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි විදුලි අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (23) පෙරවරු 9.00 සිට පස්වරු 3..00 දක්වා පැය 06ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙනු ලබයි.
ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුණායක, සීදුව නගර සභා බල ප්‍රදේශ, කැළණිය, වත්තල, බියගම, මහර, ජාඇල ප්‍රදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රදේශීය සභා බලප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවලට මෙලෙස ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd