IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගම්පහ කච්චෙරි වැඩ බිමේ 20 කට කොරෝනා

 

(තිලකරත්න දිසානායක)
 
ගම්පහ, කච්චේරි භූමියේ ඉදිකෙරෙන ගොඩනැගිලි සංකීර්ණයක සේවය කරන සේවකයින් 20 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇති අතර  ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් ආශ්‍රිතයින් සොයා ගැනීමට පියවර ගෙන ඇති බවත් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සදහන් කළේය.
 
එම වැඩ බිමෙහි සේවය කරන කිහිප දෙනෙකු ඉකුත් සතියේදී උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත කළ පරීක්ෂාවේදී 8 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වීම මත එහි කටයුතු කරන තවත් පිරිසක් ඉකුත් සෙනසුරාදා (6)  පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බවත් එම පරීක්ෂණ වාර්තා අනුව තවත් 12 දෙනෙකු ආසාදිතයින් බව තහවුරු වී ඇති බවත් වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
 
එම ආසාදිතයින් ප්‍රතිකාර පිණිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් හදුනාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.
 
මෙම වැඩ බිමෙහි සේවය සදහා, කම්කරුවන් සපයන ආයතන මගින් විවිධ ප්‍රදේශවලින් සේවකයින් පැමිණ ඇති බැවින් රෝග තත්ත්වය ව්‍යාප්ත වීමට හේතුවී ඇති බවට සැක කරන බවත් මොවුන් නේවාසිකාගාරවලදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකිරීමද මෙවන් තත්ත්වයක් ඇති වීමට හේතු විය හැකි බවත් වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා කීය.



අදහස් (0)

ගම්පහ කච්චෙරි වැඩ බිමේ 20 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31493 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13821 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 296 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site