(රංජිත් රාපක්ෂ සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක )
ශ්‍රීපාද වන්දනාවේ පැමිණි රත්නපුර කාන්තාවක ඉදිකටුපාන ප්‍රදේශයේදී බිළිඳියකු ප්‍රශූත කර ඇති බව නල්ලතන්නිය පොලීිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත වීරසේකර මහතා පැවසීය.
මෙම මව දෙවන දරු ප්‍රශූතිය සිදු කර ඇති බවත්, මව හා බිළිඳිය නල්ලතන්නිය දක්වා රැගෙනවිත් ගිලන් රියකින් දික්ඔය මූලික රෝහල වෙත යැවීමට පියවර ගත් බවත් නල්ලතන්නිය පොලිස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
මෙම කාන්තාව රත්නපුර ප්‍රදේශයේ සිට ශ්‍රිපාද වන්දනාව සඳහා නඬයක් සමග පැමිණ ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරු ප්‍රසූතිය සිදුකරන දින වකවානු දළ වශයෙන් දැන දැනත් මේ මව සිය අධිෂ්ටානය කරගෙන ඇත්තේ මුණි සිරිපා කරුණාකර තමා දරු ප්‍රසූතියට සූදානම් වීමට යැයි හැඟේ. එදා මහාමායා දේවිය සිය කුළුඳුල් දරු ප්‍රසූතිය දරාගෙන දෙමාපියන් බැහැ දැකීමට ගව්, යොදුන් ගණන් පියවර තැබුවේ ද හිතේ ශක්තියෙනි. ඒ යන අතර මඟ සල් උයනේ දී සිදුකල කුළුඳුල් දරු ප්‍රසූතියෙන් බිහි වූ ඒ උත්තමයාණෝ තුන් ලෝකයටම ගුරුවරයෙක් වී (තිලෝ ගුරු) අඳුරේ සිටි ලෝ වැසියන් ආලෝකයෙන් මුදා ගත්හ. ඒ උත්තමයාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලද පා සටහන පිහිටු වූ ශ්‍රී පාද මළුවට ආසන්නයේ දී මේ මව සිදුකල දරු ප්‍රසූතියෙන් බිහි වූ බිළිඳිය ශ්‍රේෂ්ඨ කාන්තාවක් වන්නේ යැයි කිසිඳු සැකයක් නැත.
මොනවා වුණත් දෙවි පිහිටෙන් දෙන්නම සුවෙන් නම් එච්චරයි... නමුත් මේ වගේ අවදානමක් ගන්න කළින් අම්මා දෙවරක් හිතන්න ඕනේ. මේක ජීවිතයක් එක්ක කරන සෙල්ලමක් නෙවෙයි. යන අයටත් කරදරයක්...
මැයගේ ස්වාමියා සහ පවුලේ උදවිය කිසිම වගකීමකට නැති අය ලෙස පෙනේ. හදිසියේවත් දරු ප්‍රසූතියේදී සංකූලතා ඇතිවුනි නම් ප්‍රතිකාර කරන්න එන්නේ කවුද?
බබාට ඉඳිකටුපැංචි කියලා නම දාමු...!
තවත් ස්වභාවික ආපධා රැල්ලකට ලෑස්ති උනානම් කවුරු කවුරුත්
මෙවැනි මෝඩ තීරණ නොගතයුතුයි.