(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රැඳවුම් නියෝග යටතේ වීරගුල පොලිසියේ රඳවාගෙන සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්නකර හෙළිකරගත් තොරතුරු මාඉඹුල ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක සඟවා තිබූ අත්බෝම්බ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.
මයික්‍රෝ වර්ගයේ පිස්තෝල 1ක් රිවෝල්වර 1ක් විදේශිය නිෂ්පාදිතජීව අත්බෝම්බ 2ක් සහ උණ්ඩ 43 සොයා ගෙන ඇතැයි පොලිසිය කියයි.
ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්නකර හෙළිකරගත් තොරතුරු මත මීට සති දෙකකට පමණ ඉහත දී ද කඩුවෙල ප්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබූ ටී ටී 56 ස්වයංක්‍රිය ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබිණි.
ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් තවදුරටත් ප්‍රශ්න කරගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd