IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගෝනාපීනුවල සිද්ධිය ප්‍රධාන සැකකරු මාට්ටු

(ඉන්දිකා රාමනායක)

ගෝනාපීනුවල මංසන්ධියේ යතුරු පැදියක් සහ පාපැදියක් අනතුර ලක් වීමෙන් පසු ඇති බහින්බස් වීමක් අතරතුර ටී 56 වර්ගයේ ගිනි අවියක් වෙඩි තබා පලාගිය සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ගාල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

ගෝනාපීනුවල හංදියේ දී ඉකුත් (27) දින යතුරු පැදියක් හා පාපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බවත්, එම අනතුරින් පසු ඇති වු බහින් බස් වීමක් අතරතුර යතුරු පැදියේ සිටි පිටපසු සිටි පුද්ගලයා කරේ එල්ලා ගෙන සිටි ගමන් බෑගයේ තිබු ටී 56 ගිනි අවිය ක්‍රියාත්මක කර උණ්ඩ 3 න් පොළවට වෙඩි තබා යතුරු පැදිකර පලාගොස් ඇත.

එම සිද්ධියෙන් පසු පලාගිය එම ප්‍රධාන සැකකරු සහ වෙඩික්කරු ඔවුන් පදිංචි ප්‍රදේශයවලින් පලාගොස් ඇති බවද හෙතෙම කීය.

මෙම සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනකු ඉකුත් (2) දින ගාල්ල දඩල්ල හා දංගෙදර යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම සැකකරුවන්ගෙන් හෙළි වු තොරතු අනුව සිද්ධියට අදාල වෙඩි තැබු ටී 56 ගිනි අවිය, එම යතුරු පැදිය, ගිනි අවියේ පතරොම් 45 ක්, මැගසින් දෙකක් ව්‍යාජ වාහන අංක තහඩු දෙකක්, සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මාර්ග කියයි.

 



අදහස් (0)

ගෝනාපීනුවල සිද්ධිය ප්‍රධාන සැකකරු මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site