
(රේඛා තරංගනී ෆොන්සේකා)
ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අඟුලාන වෙරළ තීරයට ඉකුත් දිනවල ගොඩ ගැසූ ප්ලාස්ටික් ඇට විශේෂය ඉවත් කර වෙරළ තීරය පිරිසිදු කිරීම ගුවන් හමුදාවේ නිලධාරින්ගේ මැදිහත්වීමෙන් අද සිදුකෙරිණි.
වෙරළ පිරිසිදු කර ඇට සහිත මලු විස්සක් පමණ ඉවත් කළ අතර මෙම වැඩසටහනට රත්මලාන ගුවන්හමුදා කඳවුරේ නිලධාරින් යොමුකොට තිබුණි.
මෙය ගුවන් හමුදා භුමි අධ්‍යක්ෂක නිලධාරිගේ උපදෙස් සහ අධික්ෂණයෙන් සිදු කෙරිණි
මේ සඳහා නිලධාරින් පහලොස් දෙනෙකු යොදවා සිටි අතර එම නිලධාරින් ලුනාව මෝය ප්‍රදේශයේ සිට අඟුලාන දක්වා වු වෙරළ තීරය පිරිසිදු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd