
(රේඛා තරංගනී ෆොන්සේකා)
ගිනි ගැනීමට ලක් වු එක්ස්ෆස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටී තිබූ බවට සැකකරන ප්ලාස්ටික් ඇට සහිත මල්ලක් සහ ප්ලාස්ටික් ඇට විශාල ප්‍රමාණයක් අඟුලාන වෙරළ තීරයට අද (4)උදෑසන ගොඩ ගසා තිබුණි.
මෙම ප්ලාස්ටික් මල්ල අඟුලාන පොලිසිය බාරයට ගත් අතර එය වෙරළ සංරක්ෂණ දෙපාර්ථමේන්තුවට යැවීමට නියමිත බව පොලිසිය පැවසීය.
නැව ගිනි ගනිද්දි මෙවැනි මළු විශාල ප්‍රමාණයක් හා ප්ලාස්ටික් ඇට වර්ග බටහිර වෙරළට ගොඩ ගැසූ අතර නාවික හමුදාව ඇතුළු විවිධ පිරිස් එම ඇට ඉවත් කිරීමට කටයුතු කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනිගන්න නෞකාව අපේ මුහුදු සීමාවට එන්න අවසර දුන්නේ කවුද? එහෙම නම් වරායේ ඇමති හරි වෙන බලධාරියෙක් හරි ඉල්ලා අස්විය යුතුයි.තව අවුරුදු 5 කට වත් අපේ සාගර සම්පතට කරපු මහා විනාශයට මේ අය සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ.මහා විශාල කැස්බෑවන් හැමදාම මැරි මැරි ගොඩ ගහනවා.මුහුඩු සම්පත සම්පුර්ණයෙන්ම විනාශය්. මේක මහා සාපයක් රටට. කවුද වගකියන්නේ?