
(රෝෂන් තුෂාර)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තොරතුරු ඇතුළත් ඊමේල් පද්ධතිය හිතා මතා මකා දමා ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ විශේෂඥ වාර්තාව ලබා ගැනීමට තවත් මාස තුනක් කල් ගතවන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවේ කරුණු දක්වමින් අද (03) පැවසීය.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මධ්‍යම තොරතුරු ගබඩාව මාස හතරක් තිස්සේ අක්‍රීයව ඇති බවත්,එය ප්‍රතිස්ථාපනය කිරීමට මාස තුනක් කල් ගතවන බව සඳහන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා එසේ පැවසීය.
අක්‍රියව ඇති මෙම පරිගණක දත්ත ගබඩාව නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුපියල් එක්කෝටි විසිඑස් ලක්ෂයකට අධික මුදලක් වැය වෙන බවට (ibm)අයි.බි.එම්. සමාගම දැනුම් දී ඇති බවත්, පසුගිය සමයේ මැතිවරණ පැවැති බැවින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීමට නොහැකි වූ නිසා මාස තුනකට අධික කාලයක් ගතවෙනු ඇති බවට රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇති බව අවධාරණය කළ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් දත්ත මකා දමා ,එම නෞකාවේ කිසිදු අන්තරාවක් නොමැති බවට හාබර් මාස්ටර්වරයා නොමග යවමින් නැව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් කිරීමට හාබර් මාස්ටර්වරයාගේ අවසරය ලබාගැනීමට නැව් සමාගමේ දේශීය නියෝජිත ආයතනය කටයුතු කර ඇති බවට සඳහන් කරමින් දේශීය නැව් සමාගමට හා එහි නිලධාරීන් හත් දෙනකුට එරෙහිව සිදු කරන විමර්ශනය කැඳවූ අවස්ථාවේදී තෙන්නකෝන් මහතා එසේ පැවසීය.
හිතාමතාම ඊමේල් දත්ත මකා දැමුවේ ද යන්න පිළිබඳ රස පරීක්ෂක වරයාගේ විශේෂඥ වාර්තාව ලබා ගැනීමට තවත් මාස තුනක කාලයක් ලබාගත යුතු බවත් ,ඒ අනුව විමර්ශන විභාගය මාස තුනක කාලයකට කල් දමන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ලෝකයේ හා දකුණු ආසියාවේ දරුණුතම හා විශාලතම සමුද්‍ර දූෂණයක් සිදුකරමින් මෙරට මුහුදේ දී 2021 මැයි 19 වැනි දින ගිනි ගැනීමට ලක් වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් නැව ගිනි ගැනීමෙන් පසුව හිතාමතාම මකාදමා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය. මෙම විමර්ශනය බරපතල චෝදනාවක් හා ජාතියට කරන ලද චෝදනාවක් සනාථ කිරීම පිළිබඳව සිදු කරන විමර්ශනයක් බවත්,දත්ත මකා දැමීම සම්බන්ධයෙන් දේශීය නැව් සමාගම වගකිවයුතු බවත් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව සියලු දෙන්න දන්නවා කිව්වට කිසි දෙයක් දන්නේ නෑ වගේ. මේ සිද්දිය නිසා තමයි මෙතන වංචාවක් උනා කියලා එදා ඉඳන් කිව්වේ. මේකට සම්බන්ධ අයව අත් අඩංගුවටත් ගත්තා. මේක අලුත් නිවුස් එකක් නෙවෙයි.
ඩීල් වලට ආචාරිය උපාධිය ගත්තු අයත් ඇමැති ලා වෙලා හිටියානේ..
රටට විරුද්ධව කටයුතු කරන මේ අයට උපරිම දඬුවම් දෙන්න අපරාදේ රටකට සාධාරණයක් කරගන්න තියෙන අවස්ථාව මේ රටේ අය අහුරන හැටි
ඊ මේල් පද්ධතිය මකා දැමුවේ කවුද කියලා හොයා ගත් විට ඒකට සම්බන්ධ දූෂිත නිළධාරින්, දේශපාලකයන් වගේම ව්‍යාපාරික කල්ලියද හොයා ගන්න පුළුවන් වෙයි. දැන් මොවුන්ව රකින්න ආණ්ඩුවක් නැති නිසා නීතිය උපරිමව ක්‍රීයාත්මක වෙනු ඇත.
මේ දත්ත ගබඩාව භාරව සිටි නිලධාරීන් , නැවු සමාගමේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය , එවකට සිටි ඇමති සහ අමාත්‍යංශ ලේකම් වරු යන මේකට සමබන්ධ සියලුදෙනාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න ඕනේ ,
ඔය ආයතනයේ පරිගණක අංශය බාර නිලධාරියා වගකියන්න ඕන නේද? බොහෝවිට රාජ්‍ය ආයතන වල ඕව භාර නිලධාරීන්ට ඔය වැඩ මොකුත්ම බෑ. අවසානයේ සේවය ලබා දෙන්නේ උපකරණ සැපයූ සමාගමේ සේවකයන්. ඕක තමා රාජ්‍ය සේවය ජරාජීර්ණ තත්ත්වයට හේතුව. වැඩ බැරි පින්පඩිකාර ලොක්කන් වැඩ දන්න පොඩ්ඩන්ට වැඩ කරන්න දෙන්නේත් නෑ.පස්ස පැත්ත බේරගන්න ඕන බයට....
අයිබීඑම් සමාගම කොහෙද තියෙන්නේ? එක ඇමෙරිකා වල වහලා දාලා බොහොම කල් නේද?
නැව් සමාගමේ දේශීය නියෝජිතයන්ගේ විද්‍යුත් ලිපින පද්ධතියේ ඔය ලිපි හුවමාරුව බලන්න බැරිද? එකත් මකලාද?
අර නැව 80% රත්වෙලා කියල කියපු ඇමති බුවා දැන් විපක්ෂ මන්ත්‍රී කෙනෙක් නේද. එයාගේ හෝ අර ඒ කාලේ උන්න සමුද්‍ර ආරක්ෂණ අධිකාරියේ හිටිය ලොක්කි ගාව ඕව ගැන තොරතූරු ඇතිනේද? අඩුම තරමේ තොරතුරු මකවපු අය ගැන දන්නව ඇති....
කටකතාවකින් මට ඇහුණා නැව රක්ෂණය කළ සමාගම සල්ලි වියදම් කරලා මේවා මකා දමන්න. ඒ සිද්ධිය යට ගහන්න ක්‍රියා කළා කියලා. නැත්නම් විශාල වන්දියක් ගෙවන්න වෙනවා. අපේ රටේ ඕනෑම කෙනෙක්. සල්ලි වලට ගන්න පුලුවන්නේ. ඒ නිසා ඒ කට කතා ඇත්ත වෙන්න පුළුවන්. මේ නඩුව ඇල් මැරුණු විදිහට ඇදිලා ගිහින් යට යයි. රටටයි පාඩුව.
ලංකාව කියන බබා බාර දීල යනකොට දෙන්න ඕනේ තැන් වලට ලස්සනට එන්නත් දීලා ගොහිල්ල . උඩ ඉදගෙන කරලා තිය්නෙන්නේ ආර්ථික ඝාතකයන්ගේ වැඩ....
අයිබීඑම් සමාගම ගිය අවුරුද්දේ ලාභය ඩොලර් බිලියන 7යි. ආදායම ඩොලර් බිලියන 62යි. කවුද කියන්නේ වහලා කියලා?
ලංකාවේ සිස්ටම් කියන ඒවා මීට වඩා ආරක්ෂිත වෙන්න ඕනෑ. ටික ටික මේවාත් හැදෙන්න ඕනෑ...