IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ තොරතුරු හිතා මතා මකලා

(රෝෂන් තුෂාර)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තොරතුරු ඇතුළත් ඊමේල් පද්ධතිය හිතා මතා මකා දමා ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ විශේෂඥ වාර්තාව ලබා ගැනීමට තවත් මාස තුනක් කල් ගතවන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවේ කරුණු දක්වමින් අද (03) පැවසීය.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මධ්‍යම තොරතුරු ගබඩාව මාස හතරක් තිස්සේ අක්‍රීයව ඇති බවත්,එය ප්‍රතිස්ථාපනය කිරීමට මාස තුනක් කල් ගතවන බව සඳහන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා එසේ පැවසීය.

අක්‍රියව ඇති මෙම පරිගණක දත්ත ගබඩාව නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුපියල් එක්කෝටි විසිඑස් ලක්ෂයකට අධික මුදලක් වැය වෙන බවට (ibm)අයි.බි.එම්. සමාගම  දැනුම් දී ඇති බවත්, පසුගිය සමයේ මැතිවරණ පැවැති බැවින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීමට නොහැකි වූ නිසා මාස තුනකට අධික කාලයක් ගතවෙනු ඇති බවට රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇති බව අවධාරණය කළ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් දත්ත මකා දමා ,එම නෞකාවේ කිසිදු අන්තරාවක් නොමැති බවට හාබර් මාස්ටර්වරයා නොමග යවමින් නැව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් කිරීමට හාබර් මාස්ටර්වරයාගේ අවසරය ලබාගැනීමට නැව් සමාගමේ දේශීය නියෝජිත ආයතනය කටයුතු කර ඇති බවට සඳහන් කරමින් දේශීය නැව් සමාගමට හා එහි නිලධාරීන් හත් දෙනකුට එරෙහිව සිදු කරන විමර්ශනය කැඳවූ අවස්ථාවේදී තෙන්නකෝන් මහතා එසේ පැවසීය.

හිතාමතාම ඊමේල් දත්ත මකා දැමුවේ ද යන්න පිළිබඳ රස පරීක්ෂක වරයාගේ විශේෂඥ වාර්තාව ලබා ගැනීමට තවත් මාස තුනක කාලයක් ලබාගත යුතු බවත් ,ඒ අනුව විමර්ශන විභාගය මාස තුනක කාලයකට කල් දමන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ලෝකයේ හා දකුණු ආසියාවේ දරුණුතම හා විශාලතම සමුද්‍ර දූෂණයක් සිදුකරමින් මෙරට මුහුදේ දී 2021 මැයි 19 වැනි දින ගිනි ගැනීමට ලක් වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් නැව ගිනි ගැනීමෙන් පසුව හිතාමතාම මකාදමා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය. මෙම විමර්ශනය බරපතල චෝදනාවක් හා ජාතියට කරන ලද චෝදනාවක් සනාථ කිරීම පිළිබඳව සිදු කරන විමර්ශනයක් බවත්,දත්ත මකා දැමීම සම්බන්ධයෙන් දේශීය නැව් සමාගම වගකිවයුතු බවත් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

 



අදහස් (16)

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ තොරතුරු හිතා මතා මකලා

Nishan Wednesday, 04 December 2024 05:10 AM

මේ ආණ්ඩුව සියලු දෙන්න දන්නවා කිව්වට කිසි දෙයක් දන්නේ නෑ වගේ. මේ සිද්දිය නිසා තමයි මෙතන වංචාවක් උනා කියලා එදා ඉඳන් කිව්වේ. මේකට සම්බන්ධ අයව අත් අඩංගුවටත් ගත්තා. මේක අලුත් නිවුස් එකක් නෙවෙයි.

:       13       5

වික්‍රම විදුර Wednesday, 04 December 2024 06:18 AM

ඩීල් වලට ආචාරිය උපාධිය ගත්තු අයත් ඇමැති ලා වෙලා හිටියානේ..

:       0       12

ranjith Wednesday, 04 December 2024 06:38 AM

රටට විරුද්ධව කටයුතු කරන මේ අයට උපරිම දඬුවම් දෙන්න අපරාදේ රටකට සාධාරණයක් කරගන්න තියෙන අවස්ථාව මේ රටේ අය අහුරන හැටි

:       0       10

අරවින්ද මොනරවිල Wednesday, 04 December 2024 06:38 AM

ඊ මේල් පද්ධතිය මකා දැමුවේ කවුද කියලා හොයා ගත් විට ඒකට සම්බන්ධ දූෂිත නිළධාරින්, දේශපාලකයන් වගේම ව්‍යාපාරික කල්ලියද හොයා ගන්න පුළුවන් වෙයි. දැන් මොවුන්ව රකින්න ආණ්ඩුවක් නැති නිසා නීතිය උපරිමව ක්‍රීයාත්මක වෙනු ඇත.

:       0       16

de silva berlin Wednesday, 04 December 2024 06:58 AM

මේ දත්ත ගබඩාව භාරව සිටි නිලධාරීන් , නැවු සමාගමේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය , එවකට සිටි ඇමති සහ අමාත්‍යංශ ලේකම් වරු යන මේකට සමබන්ධ සියලුදෙනාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න ඕනේ ,

:       1       26

Lalla Wednesday, 04 December 2024 07:51 AM

ඔය ආයතනයේ පරිගණක අංශය බාර නිලධාරියා වගකියන්න ඕන නේද? බොහෝවිට රාජ්‍ය ආයතන වල ඕව භාර නිලධාරීන්ට ඔය වැඩ මොකුත්ම බෑ. අවසානයේ සේවය ලබා දෙන්නේ උපකරණ සැපයූ සමාගමේ සේවකයන්. ඕක තමා රාජ්‍ය සේවය ජරාජීර්ණ තත්ත්වයට හේතුව. වැඩ බැරි පින්පඩිකාර ලොක්කන් වැඩ දන්න පොඩ්ඩන්ට වැඩ කරන්න දෙන්නේත් නෑ.පස්ස පැත්ත බේරගන්න ඕන බයට....

:       0       29

UPALI Wednesday, 04 December 2024 08:24 AM

අයිබීඑම් සමාගම කොහෙද තියෙන්නේ? එක ඇමෙරිකා වල වහලා දාලා බොහොම කල් නේද?

:       21       3

වසන්ත Wednesday, 04 December 2024 12:31 PM

උපාලි - එය වසා නෑ - එහි පුද්ගලික කොම්පිටුටර් පැත්ත ලෙනොවෝ වලට වික්කා පමණයි.. අයි බී එම් මේන්ෆ්‍රේම් නිෂ්පාදනය දැනුත් සිදු කරනවා... ඒවා ඉහළම තත්ත්වයේ ඒවා..! 

:       0       12

donWednesday, 04 December 2024 04:32 PM

දන්නේ නැති දේවල් දාන්න එපා...

:       0       0

don Wednesday, 04 December 2024 08:37 AM

නැව් සමාගමේ දේශීය නියෝජිතයන්ගේ විද්‍යුත් ලිපින පද්ධතියේ ඔය ලිපි හුවමාරුව බලන්න බැරිද? එකත් මකලාද?

:       0       14

AppuWednesday, 04 December 2024 09:31 AM

හොඳම විකල්පය. නිසැකවම විද්‍යුත් තැපෑලෙහි පිටපත් දේශීය නැව් සමාගමෙහි අනෙක් අයට යවා තිබිය හැක.

:       0       9

Lalla Wednesday, 04 December 2024 09:17 AM

අර නැව 80% රත්වෙලා කියල කියපු ඇමති බුවා දැන් විපක්ෂ මන්ත්‍රී කෙනෙක් නේද. එයාගේ හෝ අර ඒ කාලේ උන්න සමුද්‍ර ආරක්ෂණ අධිකාරියේ හිටිය ලොක්කි ගාව ඕව ගැන තොරතූරු ඇතිනේද? අඩුම තරමේ තොරතුරු මකවපු අය ගැන දන්නව ඇති....

:       0       16

රම්බොඩ Wednesday, 04 December 2024 12:38 PM

කටකතාවකින් මට ඇහුණා නැව රක්ෂණය කළ සමාගම ⁣සල්ලි වියදම් කරලා මේවා මකා දමන්න. ඒ සිද්ධිය යට ගහන්න ක්‍රියා කළා කියලා. නැත්නම් විශාල වන්දියක් ගෙවන්න වෙනවා. අපේ රටේ ඕනෑම කෙනෙක්. සල්ලි වලට ගන්න පුලුවන්නේ. ඒ නිසා ඒ කට කතා ඇත්ත වෙන්න පුළුවන්. මේ නඩුව ඇල් මැරුණු විදිහට ඇදිලා ගිහින් යට යයි. රටටයි පාඩුව.

:       0       10

karu Wednesday, 04 December 2024 02:39 PM

ලංකාව කියන බබා බාර දීල යනකොට දෙන්න ඕනේ තැන් වලට ලස්සනට එන්නත් දීලා ගොහිල්ල . උඩ ඉදගෙන කරලා තිය්නෙන්නේ ආර්ථික ඝාතකයන්ගේ වැඩ....

:       0       4

රුවන් Wednesday, 04 December 2024 03:11 PM

අයිබීඑම් සමාගම ගිය අවුරුද්දේ ලාභය ඩොලර් බිලියන 7යි. ආදායම ඩොලර් බිලියන 62යි. කවුද කියන්නේ වහලා කියලා?

:       0       5

admin Wednesday, 04 December 2024 05:16 PM

ලංකාවේ සිස්ටම් කියන ඒවා මීට වඩා ආරක්ෂිත වෙන්න ඕනෑ. ටික ටික මේවාත් හැදෙන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 300 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 784 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site