(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තුව අසලදී හමුදා සෙබළකුට පහරදී ඔහු සතුව තිබූ ගිනිඅවිය සහ උණ්ඩ හැටක් අඩංගු මැගසින් දෙක පැහැරගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත එම විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාව අතරතුර දී එහි රාජකාරි සඳහා පැමිණි වැල්ලවාය හමුදා කඳවුරේ සෙබළකුට යකඩ පොල්ලකින් පහරදී මෙම පැහැර ගැනීම සිදුකර තිබිණි
එහිදී බරපතළ තුවාල ලද යුද හමුදා සෙබලා මේ වන විට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබයි
කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් හමුදා රෝහලට ගොස් අදාළ හමුදා සෙබළාගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිඥ නිහාල් තල්දූව මහත්තයො ..... ඒ උණ්ඩ ඔයාගෙම ඔලුවට වදී....ඒ නිසා හිරුණිකා දේවිය වගේ ඔයත් දැන් හැංඟිලා ඉන්න..!
ඔව්, ගුටි කන්න කියලා යවනවා නම් තුවක්කු දෙන්නේ මොකටද? කොහුමිටවල් දීලා යවන්න...
ජෙප්පෝ 1960 ගණන්වල වැඩ පටන් ගත්තෙත් ඔහොමයි. තව එහෙම කරන්න ඉඩ දෙන්න. ලෝකෙට ජෙප්පන්ගේ වැඩ පෙන්වන්න. ඊට පස්සේ කොනක ඉඳන් දෙන්න.
රට රකිනා අපේ විරුවන්ට පහර දීම තරයේ හෙලා දකින අතර ලංකා වාසි සියලු දෙනා අද සතුටින් සාමයෙන් ජීවත් වන්නේ එල්. ටී ඊ ත්‍ර්ස්ත්‍රවාදය සහ මුලින් විනාස කර දමු අපේ රනවිරුවෝ නිසා.ඔහුන්ට අපහස කරන පහර දීම වනි තිරිසන් ගති අති අතමුන් අවස්තා වාදී මිනිසුන් නීතිය හමුවට ගෙන දඩුවම් ලබා දීම කල යුතුය. තවද නීතිය සාමය ආරක්සා කීරිම කල යුතුව අත. රෝහල් ගත කර අති රන විරුවන් හට ඉක්මන් සුවය පතමි.