ගුද මාර්ගයේ පිළිකා නිට්ටාවට සුව කළ හැකි නව ඔසුවක් හඳුන්වා දීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ සමත් වී සිටිති.
‘ඩොස්ට්‍රාලිමාබ්’ යන නාමයෙන් හැඳින්වෙන් පර්යේෂණ මට්ටමේ මෙම නව ඔසුව මේ වනවිට සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කර ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.
සායනික අත්හදා බැලීම් සඳහා ‘ඩොස්ට්‍රාලිමාබ්’ ඔසුවට අනුමැතිය ලැබුණේ මීට මාස කීපයකට පෙරය. ඉන්පසු, නිව්යෝක් නුවර ‘ස්ලෝන් කෙටරිංග්’ අනුස්මරණ පිළිකා ප්‍රතිකාර රෝහලේ ගුද මාර්ගයේ පිළිකාවලින් පීඩා විඳින රෝගීන් 18 දෙනකුට ඔවුන්ගේ කැමැත්ත අනුව, ‘ඩොස්ට්‍රාලිමාබ්’ ඔසුව ලබා දීම සිදුවිය.
මාස 6 ක කාලයක් ‘ඩොස්ට්‍රාලිමාබ්’ ඔසුව භාවිතයට ගැනීමෙන් පසු එම රෝගීන් 18 දෙනාගේ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා තත්ත්වය සම්පූර්ණයෙන් ‘අතුරුදන්’ වී ඇතැයි ‘ස්ලෝන් කෙටරිංග්’ අනුස්මරණ පිළිකා ප්‍රතිකාර රෝහලේ වෛද්‍ය ලුවිස් ඒ. ඩියැස් මාධ්‍ය හමුවකදී පැහැදිලි කර තිබේ.
‘ඇත්තටම මෙවැනි තත්ත්වයක් පිළිකා රෝගීන්ගෙන් දකින්න ලැබුණු පළමු අවස්ථාව මෙයයි. ගුද මාර්ගයේ පිළිකාවලින් පීඩා විඳින රෝගීන්ට මෙම පුවත අස්වැසිල්ලක් වනු නොඅනුමානයි’ යැයි වෛද්‍ය ලුවිස් ඒ. ඩියැස් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුද මාර්ගයේ පිළිකා සුව කරන නව ඔසුවක්
චන්දා Wednesday, 08 June 2022 01:00 PM
වහාම මේ ඖෂධය ඇමෙරිකාවෙන් ගෙන්වා ගොල්ෆේස් අරගල කරුවන්ට බෙදාහරින්න. ඇමරිකාවෙන් නම් බඩු ෂුවර්...!
kamal Wednesday, 08 June 2022 01:38 PM
ඇති යාන්තම් පමාවෙලා හරි බෙහෙතක් සොයාගත්තා...