
(ජේ ඒ එල් ජයසිංහ සහ නිමල කොඩිතුවක්කු)
රජයේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිණී ගීතා කුමාරසිංහ මහත්මිය මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවති සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වේදිකාවට ගොඩවී සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට එක් වන බව පැවැසුවාය.
සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂක නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සහයෝගය පළ කරන බව ඇය එහිදි සඳහන් කළාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ඇය වත්මන් රජයේ කාන්තා හා ළමා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසින් කටයුතු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට දූෂණ, වංචා නැති නිසා ජනතාව සතුවෙයි.
මරු විකාරය මගේ මේ මනුස්සයා වටේම ඉන්න හිටපු මැති ඇමැතිලා, පොලිසියේ හමුදාවල ඉහළ තනතුරු දරපු අය, ක්‍රීඩාවට සම්බන්ධ හා ප්‍රසිද්ධ සියලු දෙනාම හා සුළු ජාතික පක්ෂවල අය ඡන්ද සීය දෙසීයට ගොඩගහගෙන එකතු කරගත්තාට පස්සේ දැනට පක්ෂයේ ඉන්න මිනිස්සුන්ට ජාතික ලැයිස්තුවේ නම් ඉඩක් නම් නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂක ලැයිස්තුව හදන්න ගියාම පක්ෂ කාටවත් ඉඩ ඉතුරු වෙන එකක් නැහැ. පක්ෂෙට වැඩ කරපු ඡන්ද ඉල්ලන්න බලාගෙන ඉන්න සේරම ඔලුව කල්පනා කරලා ලිස්ට් එක හදලා බලලා දැම්මාම පැත්තකට වෙන එක හොඳයි. මට හිතෙන්නේ පස්සේ හිත නරක් කරගන්නවාට වඩා...
21න් පස්සේ පාලම යට තමයි...!
එහෙට මෙහෙට පනින ගෙම්බෝ හිටියා අපි දැක්කා. මේ පැනපු දෙවෙනි ගෙම්බි. පළවෙනි එකී පවිත්‍රා. 22 දාට ඔය ඔක්කෝම දාලා සජිත් පුත්‍රයා යාල වනයට පනින පිම්ම බලන්නකෝ. සමහරු කියනවා මිනිහා මහණ වෙනවා කියලා. ඒත් බුදුන්වහන්සේගේ ප්‍රතිමාවල පපුවට ඩයිනමයිට් දාලා පුපුරුවලා නිධන් ගත්තු පව්කාරයා .. මහණ වෙයිද?
අනුර ඡන්ද එකතු කරන විට සජිත් නම් එකතු කරමින් මාලිමාවේ ජය තහවුරු කරනවා, තැන්ක්ස් සජිත්...!
දැන්නම් ඉතිං සජිත් පරද්දන්න බෑ...
ඔය මොන මැක්කෝ මැක්කියෝ කොහේ පැන්නත් වෙනසක් නැ කියන එක නම් පැහැදිලියි
එයා දැන් දන්න කාලේ ඉඳන් වේදිකා කීයකට ගොඩවුණාද?
රනිල් ගේ පැත්තෙ කාන්තාවන් වැඩි නිසා සහ ගයන්ත ගියොත් බෙන්තරින් ගොඩ යන්න ගහපු බල්ටියක්....!
යන්න පුළුවන් දෙන්නටම දඩයමේ 22 වෙනිදා...!
හෑන්ඩ් බෑග් එක නම් ලක්ෂ ගාණක් වටිනවා කියලා කිව්ව හැකියි...!
දිනලා හමාරයි.
මහින්දව එපා කියලා රනිල් ගාවට ගියා නේද කප්පම් ගෙම්බා සහ පිරිස සමග? මොකද වුනේ එහෙන් ආපහු ආවේ...?
මගේ කුට්ටිය වැඩි කරලා දෙන්න පුළුවන් නම්, ඕනෑම පක්ෂය ඕනෑම දූෂිත හොරෙකුට මාත් එක්ක එකතු වෙන්න පුළුවන්, පුතාණෝගේ සජබේට. දැන් පට්ට හොරු, වංචාකාරයෝ, දූෂිතයෝ එකතුවෙලා සජබේ අල්ලනවා.. ජයවේවා.. ජයවේවා..!
අනේ මන්දා දැන් නම් මේ මට හිතෙන්නේ දියවැලට අහුවෙලා ගහගෙන යන මේ මිනිස්සු ගොඩවෙන්න තියෙන ලී කොටයකට නැග ගන්නවා වගේ තමයි සජබෙට එකතු වෙන්නේ. අන්තිමේදී මේ ඔක්කෝමත් එක්ක කොටේ ගිලෙන්න ගත්තාම සජිත්ට වෙන්නේ මහා අවුල් ජාලයකට මුහුණ දෙන්න.
ඔය කියන එක දේශපාලුවෙක්වත් හරි අනුරට හරි රනිල් හරි එකතු වුණානම් බලන්න තිබ්බා ....
මෙයා සජිත්ගේ වේදිකාවට නැග්ග කියන්නේ චන්දේ ඉවරවෙද්දි අනුරගේ දිවුරුම් දීම බලන්න එන්න වෙන්නේත් රෝද පුටුවකින් තමයි. එනිසා වැඩිපුර මැතිවරණ උපදෙස් ගන්න යන්න එපා
ගාල්ලේ පොහොට්ටුවෝ මේ පඩංගුවට කැපිලි දාපු නිසා ඕනෑම ගෙරි කුණක් කරගහන සජිගේ ඔඩොක්කුවට පැන්නා. සජීට තියෙන්නේ පනින්න බලාගෙන ඉන්න ගයන්ත වෙනුවට බෙන්තර ඇල්පිටියට ඔය පඩංගුව පත්කරන්න...
මේ විකාරවලට අකමැති නම් තිත තබන්න කාලය හරි. තීන්දුව වගකීමක් ඇති පුරවැසියන් අතේ.
ඔබගේ වටිනා ඡන්දය රටේ අනාගතය ගැන හිතලා අනුර කුමාරට දෙන්න.... එතුමාව විශ්වාස කරන්න... අනිත් අය සේරම එකයි
#මාලිමාවට චන්ද කෝටියක් # ජාතිකජනබලවේගයට ජයවේවා . අනුර කුමාරදිසානායක සහෝදරයා ජනාධිපති !!!