
(බී.ජානක)
පොලිස් නිලධාරියකුට බැන තර්ජනය කිරීම සහ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස අධිකරණයට බාර වීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි ගුණරත්න වන්නිනායක මහතා, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමග අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණීමෙන් අනතුරුව මෙම නිතී කෘත්‍ය කැඳවනු ලැබීය.
ඇප කොන්දේසි ලෙස සැකකරුට බලපෑම් කිරීම සහ හෙට උදෑසන 9.00 බස්නාහිර දිසාව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ කොන්දේසි වශයෙන් මහේස්ත්‍රාත්වරයා නියම කළ අතර ඇප කොන්දේසි කැඩුවොත් ඇප අවංගු කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන්නි ගුනේ උසාවි අවා වන්නි ගුනේ ගෙදර ගියා , ආණ්ඩුව මාරු වුණා කියලා කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ... ඔබට පාන්ද..?
නීතිය සැවොම සමට කියලා පේනවා. කොස්තාපල් රිමාන්ඩ්, කුණුහබ්බාපල්ට ඇප. අපි අධිකරණයට අපහාස කරනවා දැක්කේ එක්කෙනයි.
පව් කෑම කන්න ගිහින් අඩියක් ගහලා පොඩි පිස්සුවක් කෙළියට ඔය තරම් දගලන්න දෙයක්ද? මීයෝ රා බිව්වා කියලා හිතලා වැඩේ ඉවරයක් කරන්න.
උසාවියක් ඉස්සරහ වාහනයක් නලාව ශබ්ද කරත් රියැදුරු බලපත්‍රය යම් කාලයකට අවලන්ගු කරන්න සහ දඩයක් ගහන්න පුලුවන්. එහෙම බැලුවොත් මෙම නීතිඥයාගේ දඩුවම හොදටම මදි. කුනුහරුප කියපු නීතිඥයාට, උසවි වලට එන්නවත් නොදි, නීතිඥයභාවය අහොසි කල යුතුයි.
සමථ මණ්ඩලේට දැම්මා නම් පොලීසියට සහ ආන්ඩුවට මේ නව නින්ගිරාව වෙන්නේ නෑ. නීතීඥයෙක් එක්ක ආන්ඩුව වෙනුවෙන් නීතිපති නඩු කියනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. මොකද නීතිපතිත් නීතිඥයෙක් නිසා, එළියෙදි ඔවුන් සියල්ලෝ එකමුතු නිසා. අනික මේ චෝදනාව එච්චර බරපතලත් නෑ. පොලීසියේ උවමනාවට තමයි මේක බරපතල දෙයක් බවට හුවා දැක්වූවේ. අවසානෙදි පොලීසිය තමයි ලැජ්ජාවට පත් උනෙත්.