(සනත් ගමගේ)

සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනයේ පිරිසක් අම්බලන්තොට - හම්බන්තොට මාර්ගයේ ගොඩවාය ප්‍රදේශයෙන් පාර වසා විරෝධතාවක නිරතව සිටිති.

තම ධීවර කර්මාන්තය පවත්වාගෙන යෑමට අවශ්‍ය පහසුකම් හා ඉන්ධාන ලබා දෙන්නැයි ඉල්ලා මෙම විරෝධතාව පැවැත්විණි.

ගොඩවාය ධීවර තොටුපොළේ සිට පා ගමනින් ආ ධිවරයන් ප්‍රධාන මාර්ගය හාරහා බෝට්ටවක් තබා පාර අවහිර කරමින් විරොධතාවයේ නිතර විය.

මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.