IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගෝඨා දක්ෂ දේශපාලකයෙක් නොවේ

(ළහිරු හර්ෂණ)

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලබන 24 වැනි දා මෙරටට පැමිණනෙ බව පවසා ඇතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා දක්ෂ දේශපාලනඥයකු නොවෙයි. ඔහු දක්ෂ පරිපාලන නිලධාරියකු බව ද ඔහු පවසයි. දේශපාලනඥයකු වශයෙන් මහින්ද රාජපක්ෂ තරම් ගෝඨාභය දක්ෂයකු නොවන බව ද ඔහු පවසයි.

යුද සමයේ සිදු වූ බව කියන මිග් ගුවන් යානා වංචාව  සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට පැමිණ ආපසු පිටව යද්දී මාධ්‍ය කළ විමසීමකදී වීරතුංග මහතා මේ බව කියා සිටියේය.



අදහස් (16)

ගෝඨා දක්ෂ දේශපාලකයෙක් නොවේ

Rata Perata Wednesday, 17 August 2022 02:59 PM

ඕක ඉතින් අලුතින් කියවන්න ඕනෑ නෑ.. මුලු ලෝකෙම දන්නවා ගොබ්බ බයියෙක් දෙන්නෙක් ඇරෙන්න...

:       11       35

BamunuarachchiWednesday, 17 August 2022 05:00 PM

ඔව් ඔව් ඇයි දන්නේ නැද්ද? ප්‍රසන්නට පින් සිද්ද වෙන්න අලුත් නමක් දුන්නා.

:       4       10

fairoos Wednesday, 17 August 2022 03:17 PM

රනිල්ට කොන්ද පණ තියෙනවා නම් නන්දසේනවයි, උදයංගවයි ඇතුළට දාලා නීතිය ක්‍රියාත්මක කරන්න.

:       21       16

BamunuarachchiWednesday, 17 August 2022 04:58 PM

රනිල්ට කොන්ද පණ තිබුණානම් මේ යුද්ධය දිනන්න බැහැ කියා ප්‍රභාකරන්ට උතුර නැගෙනහිර දෙන්න හදන්නේ නැහැ. රාජපක්ෂලාට කොන්ද පණ තිබුණු නිසා තමයි, මුස්ලිම් සෙට් එකයි දෙමල්ලු සෙට් එකයි පැත්තකට තල්ලු කළේ... රනිල් මොකටද ගෝඨාභය, උදයංගව ඇතුළට දාගන්නේ... නරකද ගෝඨාභය, උදයංගව ගෙදර එක්ක ගිහිල්ලා ඇතුළට දාගත්තොත්...

:       20       26

fairoosWednesday, 17 August 2022 08:11 PM

බමුණා වගේ ජාතිවාදෙයන් පෙළෙන අය නිසා තමයි රට අද මේ තත්වෙට පත්වුණේ. දැන්වත් හැදෙන්න.

:       11       9

චමින්ද Thursday, 18 August 2022 05:26 AM

මුන්දැට දෙමළ, මුස්ලිම්, ජවිපෙ පේන්නම බැහැ. රාජපක්ෂ පවුලේ අය පමණයි උන්දැට හොඳ. රනිල් නුවණින් සකසා ප්‍රභාකරන් සමග ඇතිකළ ගිවිසුම නිසා කොටි බෙදීමක් ඇතිවුණා. මහින්ද රජයට ෆොන්සේකා නිසා යුද්ධය දිනන්න ඒක හේතුවක් වුණා. ඒකට රනිල්ගේ නියෝජ්‍ය නායක ජයසූරිය මැතිතුමා කෙලින්ම සහාය දුන්නේ පොහොට්ටුවන් වගේ කකුලෙන් ඇද්දේ නැතුව ඒකත් යුද්ධය දිනන්න හේතුවක් වුණා. කොහෙද අවුරුදු සියයක් ඉක්මවා සිටිනවා කියලා සමහර අදහස් අනුව පෙනෙන බමුණුගේ මොළය දැන්නම් හොඳටම අවුල් කියලා පේනවා.

:       0       0

BamunuarachchiThursday, 18 August 2022 06:18 AM

අපේ ජාතිවාදය මුළු රටම සිංහල කරන්නවත් මුළු රටේම බුද්ධාගම පතුරවන්නව නොවෙයි.

:       1       0

Hafeel Wednesday, 17 August 2022 03:49 PM

දක්ෂ පරිපාලන නිලධාරියක් නම්, රටට හොඳ නායකත්වයක් දෙන්න තිබුනා . අවසානයේ ඔහු පුස්සක් බව ඔප්පු වුණා.

:       0       0

Vijitha Wednesday, 17 August 2022 03:49 PM

ඒක ඇත්ත. ලංකාවේ දක්ෂයෝ කියන්නේ මරන්න, ගහන්න, අත පය කඩලා ඔළු පලලා කටයුතු කරන්න අණ දුන් පාලකයන්ට. සිරිමාවෝ මැතිනිය 71 චේගුවේරා ත්‍රස්ථවාදී JVP කල්ලිය මර්ධනය කලා. 88/89 ප්‍රේමදාස මහතා JVP ත්‍රස්ථවාදීන් මර්ධනය කලා මරලා පුච්චලා දස වද දීලා. ගෝඨාභය මහතා 69 ලක්ෂයක සිංහල බෞද්ධ ජනවරමක් අරගෙන ලක්ෂ දෙකක් වත් නැති අබෞද්ධ අසිංහල කැරලි කාරයන් කියපු නිසා පලා ගියා. එය 69 ලක්ෂය් සිංහල බෞද්ධ ජනවරම පාවා කිරීමක්. එම බියගුළු පලා යෑම තුලම ඔහු අසාර්ථක පාලකයෙක්.

:       0       0

Vijitha Wednesday, 17 August 2022 04:25 PM

ලංකාවේ දක්ෂ පාලකයෙක් කියන්නේ මිනිස්සුන්ව මරන්න, ගහන්න, ටයර් දාලා ගිනි තියන, අතපය කඩලා ඔළු පලලා කටයුතු කරන්න පුළුවන් අයට... සිරිමාවෝ මැතිණිය, ප්‍රේමදාස මහතා එහෙම කළා. 1971/88/89 කාලවල චේගුවේරා ත්‍රස්තවාදී කල්ලිය/JVP කැරලි කරුවන් මර්ධනයට ගෝඨාභය මහතාට බහුතර සිංහල බෞද්ධ 69 ලක්ෂයක ජන වරමක් තුළ ලක්ෂ දෙකක් වත් නැති අබෞද්ධ අසිංහල කැරලි කරුවන් කීප දෙනෙකු නිසා 69 ලක්ෂය පාවලා දීලා පැනලා යනවා. එම නිසාම ගෝඨාභය රාජපක්ෂ අදක්ෂ පාලකයෙක්.

:       0       0

ravin Wednesday, 17 August 2022 04:32 PM

ඇත්තනේ...!! පරිපාලනයයි, හොරකමයි එකට කරන්න බැහැ.. ඉතිරි ටික කල්පනා කරලා බලන්න.

:       0       0

Bamunuarachchi Wednesday, 17 August 2022 04:50 PM

හැබැයි ගෝඨාභය කොමිස්ගහපු, හොරකම් කරපු ලංකාවට එන්න බය කෙනෙකුත් නොවෙයි.

:       17       29

පිටරැටියා Wednesday, 17 August 2022 10:41 PM

හොරෙන්ම ගියේ කාගේ කාගෙත් උදව්වෙන්,ඒ වගේම එන්ඩ බැරිකමකුත් නැහැ .

:       1       6

විපරමා Wednesday, 17 August 2022 05:07 PM

ඔය කාගේත් පැටිකිරිය දන්නෝ හොඳාකාරවම දනිති. එක වරිගේ අය. රටින් රටට පැනපැන හැන්ගි හැන්ගි හිටියේ නිකන්ද?

:       0       0

චතුරි Thursday, 18 August 2022 02:26 AM

ගෝඨා විතරක් නෙමෙයි. අයියලා මල්ලිලා සේරම. දේශපාලනය මුවවෙන්. හොඳට රටේ සම්පත්, මුදල් හොරා කෑවා. ජනතාවගේ ශ්‍රමයත් සූරා කාලා. මහපාරටම ඇදලා දැම්මා. 250න් 200ම. දේශපාලනය කියන නමේ තේරුමවත් දන්නේ නැහැ. නැතිනම් මේ විදියට හොරා කන්නේ මොන රටේද? නිල මැස්සෝ වගේ. ඕනෑම ජරා ගොඩක් ළඟ ඉන්නවා. පිරුවට අන්දලා. පපුවට අත තියන් රටගැන කතා කරන්නේ... මොවුන්ට නම් ලජ්ජාවක් කියන දේ දන්නේම නැහැ. අපිට නම්... පගාවක් අරන්. මුදල් හොරකමක් අපේ අතින් වුණොත්. ඒක තේරුම ජීවිතය පවා නැති කරගන්න යනවා. ඒකට මේ අයියලා.... ගාණක්වත් නැහැ. කපුටු කාක් කාක් කිව්වත්. තවමත් මේ අය ඇමැතිකම් ගන්න දඟලනවා. ගෝඨා එන දවසට...

:       0       0

Deepal Nirosh Thursday, 18 August 2022 10:52 AM

ගෝඨාභය කියන්නේ හිටපු රාජ්‍ය නිලධාරියෙක් මිස දේශපාලකයෙක් නොවෙයි. කවුද නොදන්නේ..? දක්ෂ වෙන්න පෙර දේශපාලකයෙක් වෙන්න එපායෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1033 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site