(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)

බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි  බොරැල්ල පොලිසිය කියයි.

නගර සභාව ආසන්නයේ ඇති නගර සභා භූමියේ කිසියම් කාර්යක යෙදුණු බැකෝ යන්ත්‍රයක් තාප්පයේ ගැටිම නිස එහි කොටසක් පාසල් භූමියට වැටී ඇතැයි පොලිසිය පවසයි. 

තුවාල ලැබූ දරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එක් සිසුවක්ගේ තත්වය තරමක් බරපතල බව එම දරුවා දැනට දැඩි සත්කාර ඒකකයේ තුවාල ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසිය.