
(ඉන්දිකා රාමනායක)
ශ්‍රි ලංකා ජනාධිපතිවරයාට සහ රට අහිමි ව ඇති ඩොලර් සංචිත නැවත පවරා ගන්නා ලෙසට බලකරමින් යුරෝපායේ වෙසෙන ශ්‍රි ලංකිකයෝ පිරිසක් ඊයේ (5) ජිනීවා එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ.
ගාලුමුවදොර අරගලකරුවන් ඉදිකර ඇති ගෝඨා ගෝ ගමක් සහ හොරු ගෝ ගම ශාඛාවන් ජිනීවා එක්සත් ජාතීන්ගේ කාර්යාල ඉදිරිපිට ස්ථාපිත කර සිටි පිරිස පැය 5 ට ආසන්න කාලයක් විරෝධතාවේ නිරත වුහ.
මෙහෙදී පිරිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා නිදහස් කරන ලෙසට ඉල්ලා සිටියහ.
විවිධ සටන් පාඨ පුරුව සහ බැනර් , අතැතිව පිරිස විරොධතාවට එක්ව සිටි අතර යුරෝපයේ රටවල් ගණනක වෙසෙන ශ්‍රි ලාංකික යෝ රැසක් මේ සදහා සහභාගි වී සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd