( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වයන් සාමකාමීව විසඳා ගැනීමට ගැටුම් හා ප්රචණ්ඩත්වයන් වැළකී සිටීමට සියලූ පාර්ශවයන් දිරිගැන්විය යුතු බවත් , පාර්ලිමේන්තුව හරහා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අභිමතයට ගරු කරන ලෙසත් ඕස්ටේ්රලියාව නිවේදනයක් නිකුත් කරමින් අද ( 31) ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.
ඕස්ටේ්රලියානු රජය වෙනුවෙන් එරට විදේශ ඇමතිනී මාරිස් පේන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.
රටේ ඇති වී තිබෙන දේශපාලන වර්ධනයන් හේතුවෙන් ගැටුම් සහ ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින්නැයි ඕස්ටේ්රලියා විදේශ අමාත්‍යවරිය සඳහන් කර සිටින්නීය.
එසේම පාර්ලිමේන්තුව හරහා පවතින ගැටලූව කඩිනමින් විසඳා ගැනීම වැදගත් වන ඉවත් එමඟින් ප්රජාතන්ත්රවාදී මූලධර්ම සහ නිදහස තහවුරු කිරීමක් වන බවද ඕස්ටේ්රලියා විදේශ ඇමතිනිය සඳහන් කර සිටින්නීය.
ඇය වැඩිදුරටත් සඳහන් කර සිටයේ ඕස්ටේ්රලියාවේ දිගුකාලීන මිතුරෙකු වන ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් තම රජය අවධානයෙන් පසුවන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව හරහා කොහොමද ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අභිමතයට ගරු කරන්නේ? එතන ඉන්නේ පක්ෂ නායකයින්ගේ හෙන්චයියලානේ? ඒ අයට අර කවුරු කවුරුත් හොරකම් කරපු සල්ලිවලින් මිලියන් ගණන් දීලා කැමැත්ත ඉල්ලයි. වැඩියෙන් ගෙවන කෙනාට ඒ අය ඡන්දෙ දෙයි. ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අභිමතය බලන්න නම් ජනතාවගෙන් විමසන්න මැතිවරණයක් තියන්න ඕනෑ.