
(ඩයනා උදයංගනී)
රට මුහුණ පා ඇති බරපතල අර්බුදයට මේ දක්වා බලයට පත්වූ සියලු රජයන් විවිධ මට්ටමින් වගකිව යුතු බැවින් මේ මොහොතේදී වත්මන් රජය මෙන්ම විපක්‍ෂය හා හවුල්කාර පාර්ශවකරුවන්ද සමාදානමය ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ අවස්ථාවේ ඔවුන් අනුගමනය කළ යුත්තේ ගැටුම්කාරී හෝ එකිනෙකාට දොස් පැවරීමේ ප්‍රවේශයන් නොවන බව ද එම නිවේදනයේ දැක්වේ.
රට පෙරට තබා සියලු පුරවැසියන්ට සේවය කිරීමට පාලකයන් බැඳී සිටින බැවින් ඔවුන් තම දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා ඔවුන් තම දේශපාලන න්‍යාය පත්‍ර පසෙක ලා එකට එක්වී කල්පවත්නා ජාතික ප්‍රතිපත්ති සැකසීමට පියවර ගත යුතු බව ද එහි දැක්වේ.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති, ජේ.වින්ස්ටන් එස්. ප්‍රනාන්දු බදුල්ල රදගුරුතුමන්ගේ සහ එහි මහලේකම් ජේ.ඩී ඇන්තනී ජයකොඩි කොළඹ සහායක රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd