
(නිමන්ති රණසිංහ )
නිධන් හාරා ලබාගත් බව කියන රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුතු ගජමුතු 04 ක් විකිණීමට රැගෙන ආ සැකකරුවන් තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ත්‍රිකුණාමලයේ දී අද (08) අත්අඩංගුවට ගනු ලැබීය.
අකුරන, මහව, නිකවැරටිය ප්‍රදේශ වල පදිංචි මෙම සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 29, 30, 53 වයසේ පසුවන පුද්ගලයන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
යතුරු පැදිවලින් පැමිණි මෙම සැකකරුවන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අවන්හලක රථ ගාලක් තුලදී මෙම ගජමුතු අලෙවි කරන බවට විශේෂ කාර්ය බලකායට ලද බුද්ධි තොරතුරු වලට අනුව මෙම වැටලීම සිදුකර ඇතැයි ද පොලිසිය පවසයි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ නඩු භාණ්ඩ වව්නියාව පොලිස් ස්ථානයට භාර දී ඇතැයිද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ කලාප අණදෙන නිලධාරී යාපනය ජේෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරචි මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක යු.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වව්නියාව පොලිස් වසමේ අවන්හලක රථ ගාලක් තුල දී වැටලීමක් සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටික කාලෙකට කලින් පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අයත් කිව්වා ගජමුතු කියලා දෙයක් නෑ. එහෙම දෙයක වටිනාකමක් නෑ ඒක බොරුවක් කියලා. එතකොට දැන් මේ වැටලීම් වලින් කියන්නේ ඒ සියල්ල බොරු නෙමෙයි නිධන් හාරලා හොයා ගත්තොත් කෝටි ගාණකට විකුණගන්න පුලුවන් කියලයි අපිට නම් පේන්නේ...
මේ වගේ බහුබූත දේවල් පස්සේ යන ජාතියකට අනාගතයක් නෑ. එකකාලෙක සිප්පිකටු පස්සේ යනවා. ආයෙත් අලි කේස් පස්සේ යනවා. කොටි දත්, කොටි හම් පස්සේ දුවනවා. මේවාට වටිනාකම් කියන උදවියට විරුද්ධව මුලින්ම නඩු පවරන්න ඕනෑ. මොකද මේවාට වටිනාකමක් නියම කිරීම අනියම් ආකාරයකින් මේ වගේ දේවල් රැස්කිරීම හා ඒ වෙනුවෙන් අහිංසක සතුන් මැරීමට හේතුවක්...