IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ජන්ම දිනයට පින්කම් මාලාවක්

 

(අංජුල මහික වීරරත්න සහ මුදිතා දයානන්ද)

ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  හුණුපිටිය ගංගාරාම විහාරාධිපති  ගලබොඩ ඥනීස්සර නාහිමියන්ට අද පිළිගැන්වීය. 

හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානීස්සර නාහිමියන්ගේ  ජන්ම දිනය නිමිත්තෙන් අද (14) පෙරවරුවේ විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා නායක හිමි බැහැ දැක සුවදුක් විමසා උන්වහන්සේ වෙත නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළේය.

දෙස් විදෙස් බොදු ජනතාවගේ නොමඳ ‍ගරු බුහුමනට ලක්වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සුරක්ෂිත කොට මතු පරපුරට දායද කිරීම උදෙසා එය පුජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සංවර්ධනය කිරීමට අදාළ ශ්‍රී සන්නස් පත්‍රයට අනතුරුව ජනාධිපතිවරයා අත්සන් තැබීය.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (18)

ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ජන්ම දිනයට පින්කම් මාලාවක්

දිමුත් Wednesday, 14 December 2022 03:26 PM

ඕකෙ තව මොනාද සංවර්ධනය කරන්න තියෙන්නේ? සමහරුන්ට ආයිත් කලඑලි බහින්න අවස්ථාවක් හදලා දුන්නා වගෙයි පේන්නේ!

:       167       80

ABWednesday, 14 December 2022 06:08 PM

ගංගාරාම පොඩි හාමුදුරුවන් සාසනයට පමණක් නොව ශ්‍රී ජිනරතන කාර්මික හා වෘත්තීය පුහුණු ආයතනය ආරම්භ කිරීම මගින් තරුණ ප්‍රජාව වෙනුවෙන් කරන්නා වූ සේවය අගය කළයුතු වෙමු...

:       17       83

janahithaThursday, 15 December 2022 12:22 PM

කලඑළි බහින්න බැරි විදිහට ඔහු වැඩකර නැහැ. අවසාන මොහොතෙදීත් ජනතාවට වෙඩි තැබීමට නියෝග නොදුන් කෙනෙක්.. ඕකයි තත්වේ...

:       30       17

achini Wednesday, 14 December 2022 03:46 PM

රට විනාශකරපු හොරු ඔක්කොම ඇවිත්

:       137       107

18-පිං මල්ල Thursday, 15 December 2022 01:09 AM

achini ... ඔයත් ඒකේ කොටස් කාරයෙක්නෙ... ඔයත් වයස 18 ඉඳලා පිනට ලැබුන අම්මා තාත්තා දෙනදේ කාලා ඉදිරියටත් ඒ විදියට ලැබෙනකම්ම බලං ඉන්න කෙනෙක්නෙ..!!

:       28       9

අතුල සෞදි Wednesday, 14 December 2022 05:26 PM

ඔබවහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ පිරි සුබ උපන්දිනයක් වේවා...! 80 දශකයේ සිට ශාසනයට ඉමහත් සේවයක් කළ ඔබවහන්සේව පාද නමස්කාර කර ගෞරවයෙන් සිහිපත් කරමු.

:       22       168

නිමේෂ් Wednesday, 14 December 2022 07:10 PM

දායක සභාව දැක්කහම හිතාගන්න පුළුවන්

:       6       22

විපරමා Wednesday, 14 December 2022 05:57 PM

පින් ජනපතියාගේ පිහිටෙන් රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත පවුල් පාලනේ සෙට් එකත් ඇවිත් ඉන්නේ ,

:       10       38

සෙනෙවිරත්න Wednesday, 14 December 2022 07:28 PM

මෙවන් දේ දුටුවාම අප්පිරියාවේ ඉන්න බැරි මට විතරයිද?

:       107       61

SenakaThursday, 15 December 2022 06:56 AM

ජෙප්පොන්ට කොහොමත් වෙන කාටහරි යමක් හම්බෙනකොට පොඩ්ඩක් අමාරුයි. ඒක ජෙපි ගතියක්ම තමයි. ඕක ලෙඩක්. කුහකකම කියලයි ගමේ නම් කියන්නේ.

:       27       64

විජේ Thursday, 15 December 2022 08:23 AM

365දවසම අපි දේශපාලුවන්ට බනිනවා උන් උන්ගේ වාසි වෙනුවෙන් කුලල්කාගන්නවා කියලා. ඒත් මොනවාහරි දේකදි උන් එකතුවෙලා ඉන්නවා දැක්කමත් අපිට අවුල්. ලමයින්ට රෙදි දුන්නම, කපලා, මහලා, ඇදගෙන යන එකේ ප්‍රතිඵලද මන්දා මේ. රෙද්ද පෙන්නන්න විතරයි ඕනෙ.

:       4       30

විජිත් Thursday, 15 December 2022 11:29 AM

හවුල් චවුර පවුලේ සැබෑම හමුවීමක් එකම තැනක. සුනාමියා නොහොත් ගම් කබරයා , මිග් කාරයා නොහොත් 88-89 මාතලේ වීරයා සහ මහා බැංකු හොරා නොහොත් ෆොක්ස්වැගන් සමග ..............................කට්ටියටම අපායේ විසා රෙඩි. නමුත් ඊට කලින් ශ්‍රී ලංකාවේ සිපිරි ගෙදර කුරු ගනින්න අවස්තාවක් ළඟදීම උදාවේ.

:       8       22

geeth Thursday, 15 December 2022 11:51 AM

පොඩි හාමුදුරුවෝ ළමයින්ට වෘත්තීය පුහුණුව වගේ දේවල් දෙන්න ගොඩක් මහන්සි වුණා. කර්මාන්ත වලටත් යම් අනුග්‍රහයන් දැක්වූවා. හැබැයි තව දෙයක්..,. පොඩි හාමුදුරුවන්ට රටේ ගොඩක් තැන්වල ඉඩකඩම් තියෙනවා. මුදලින් වුණත් ඔය පන්සලට කිසිම අහේනියක් නෑ. ඒ නිසා මේ පන්සල සංවර්ධනයට රජයේ සල්ලි දෙනවාට වඩා, ඊට වඩා අගහිඟකම් තියෙන පන්සල්වලට දෙනඑක තමයි වඩාත් යෝග්‍ය වන්නේ...

:       2       21

donMonday, 19 December 2022 12:46 AM

මේ පන්සලට උදව් කරන්නේ ජපන්නු. ලංකාවේ ආණ්ඩුවේ සල්ලි බොරුවට වියදම් කරන්න ඕන නැහැ.

:       0       1

ලුම්බිණි Thursday, 15 December 2022 01:49 PM

මේ පන්සල මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කිසියම් සේවයක් කරපු තැනක්. ඒත් ඇත්තටම ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කළයුතුද? පින්තූරයේ විදියට හාමුදුරුවෝ වුණත් ඒකට කැමැති බවක් පෙනෙන්න නැහැ....

:       3       10

janis appuhami Thursday, 15 December 2022 02:02 PM

පොඩි සාදුගේ මුණේ දුකින් ඉන්නේ අනේ මේ කාලකන්නි රට කෑවා කියල .

:       3       11

පිටිගල මිලානෝ Sunday, 18 December 2022 11:39 AM

දේශපාලනය සහ ආගම එක්වූ තැන හැදෙන්නේ මාෆියාවකි.

:       0       0

Nelum Pushpasiri Sunday, 18 December 2022 11:41 AM

ගංගාරාම විහාරස්ථානය කියන්නේ තරැණ ප්‍රජාවට පමණක් නොව ආබාධිත පුද්ගලයන් හටත් විශාල සේවයක් සලසපු ආයතනයක්. මම ආබාධිත පුද්ගලයෙක් වශයෙන් පරිගනක පුහුණු පාඨමාලාවක් හදාරා එම ආයතනයේම වසර 3 ක් සේවය කළෙමි. ඉන්පසුව ජර්මන් ජාතික මහතෙකු ⁣ගේ මග පෙන්වීම මත ආබාධිත පුද්ගලයන් සඳහා වූ පුණරැත්ථාපන ආයතනයක පරිගනක උපදේශක වරයෙක් හා ආයතන කලමනාකරැවෙකු වශයෙන් පුරා වසර 20 කට අධික කාලයක් සේවය කළ බව ඉතාමත් කෘතවෙිදීව සඳහන් කරමි. ⁣පොඩි හාමුදුරුවෝ නොවන්න ඒ කාර්ය හුදු සිහිනයක් පමණක් වන්නට ඉඩ තිබුණි. උන වහන්සේට නිදුක් නිරෝ්ගි දීර්ඝායුු සුව ලැබේවා .

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 1165 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 1273 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 238 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 1098 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 3009 12

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 446 1

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 790 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2340 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2008 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site