
(ශාන්ත රත්නායක)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව පාඩු ලබන ආයතනයක් ලෙස සලකා විකිණීමට සූදානමක් ඇති බව කියමින් ඊට විරෝධය දක්වමින් ඛනිජ තෙල් සංස්ථා පොදු ජන ප්රගතිශීලී සේවක සංගමය අද ( 01) සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹා තිබේ.
තෙල් සංස්ථාවෙන් අයකරන ඩොලර් පොලිය වහා ඉවත් කරන ලෙස හා තෙල් සම්පත රැක ගන්නට ප්‍රතිපත්තියක් ගොඩනගන්නැයිද ඇතුළු තවත් ඉල්ලීම් රැසක් ඇතුළත් පුවරු ඔසවාගෙන ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ඉස්සර මේවා විකුණනවාට විරුද්ධයි. නමුත් මේ වෘත්තීය සමිති හා එහි සේවය කරන වැඩි දෙනෙක් අපේ රටට කරන මේ අපරාධයට වග කියන්නේ කවුද? මෙය සහ විදුලි බල මණ්ඩලය වහාම පෞද්කලීකරණය කල යුතුයි....
ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතන වල තත්වේ මේකයි. මහජන මුදලින් හොරු නඩත්තු කිරීම්... මේ ඔක්කොම ගෙදර පන්නලා දන්න ඕන... නිකන් ඉඳලා පඩි ගන්න අය...
පාඩු ලබන ආයතනයක් එම තත්වයෙන් මුදවා ගැනීම සඳහා ගන්නා වූ ඕනෑම ක්‍රියාමාර්ගයකදී අනවශ්‍ය ලෙස කෙරෙන්නා වූ අතිරේක වියදම් කපා හැරීමට සිදුවේ. පෞද්ගලීකරණය කළහොත් අනිවාර්යයෙන්ම සිදුවේ. එවිට නිකම් සිට අතිකාල හා වෙනත් දීමනා ලබාගැනීමට හෝ මෙලෙස රාජකාරි පසෙකලා කාලය කා දැමීමටද හැකියාවක් නොලැබේ. මේ එයට එරෙහි, නැතහොත් තමන් විසින්ම විධිමත් පරිදි කරන ගසාකෑම් නැවැත්වීමට එරෙහි ක්‍රියාමාර්ගයක් පමණි. පාඩුලබන මෙවැනි කිසිඳු ආයතනයක වෘත්තීය සමිති විසින් එම ආයතන ගොඩගැනීම සඳහා හෝ රැක ගැනීම සඳහා සියළු මට්ටම්වල දීමනා කපාහැර තම ආයතනය රැකදෙන ලෙස ඉල්ලා කෙරෙන උද්ඝෝෂණයක් ජනතාව කිසිදා දැක තිබේද?
පින්පඩිකාර හොරු ඉන්නතාක් රටට හොඳක් නෑ. ඕවා විකුණන තරමට රට ගොඩ. රටේ නිෂ්පාදනය සඳහා කිසිම සේවයක් නොකර මිනිසුන්ට වදදී පඩි වැඩිකරගන්න ආයතන සියල්ල විකුණා දැමිය යුතුමයි. ලංවිම, සිපෙට්කෝ, ජල සම්පාදන, වරාය ඔක්කෝම එක වගේ...
පෝස්ටර් නං ජෙප්පා ස්ටයිල්...