
(ඩයනා උදයංගනී සහ යොහාන් භාසුර)
පවතින තත්ත්වය අනුව ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා රජයෙව් ඉල්ලීමක් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.
මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14.56ක් ,ඩීසල්වලින් රුපියල් 31.46ක පාඩුවක් ලබන බව කී සභාපතිවරයා අගෝස්තු 31 වනදා වන විට රුපියල් බිලියන 70ක පාඩුවක් සංස්ථාව ලබා ඇතැයි ද කීවේය.
ඛනිජ තෙල් සංස්ථාව මෙවැනි අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමීම කළ යුතු බව ද සභාපතිවරයා කීවේය.
ඔහු මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේදී අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
ආණ්ඩුව සහනයක් ලබා දුන්නොත් මිල වැඩිකිරීමක් කරන්න වෙන්නේ නැතැයි ද ඇමතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි විනාසයි... උන්ගේ පැට්රල් ගහන්නෙත් අපිනේ...
මෙහෙම කළොත් හොඳ නැද්ද? දැන් මේ රටට පාරිභෝගික අධිකාරි, වෙළඳ ඇමැති වගේ දේවල් ඵලක් නෑ. ඕවා විසුරුවා හැරලා දාමු... ඩඩ්ලි, ඇතුළු මේ මිල තීරණය කරන පිරිස් වලට මේක බාරදෙමු. අනික එක දවසක ගෑස්, අනික් දවසේ පිටි. ආයෙත් හාල් ලෙස ගණන් වැඩි නොකර ඔය වැඩි කරන්න ඕන ඔක්කොම ලිස්ට් හදලා එක පාරක් කියලා දානවලා. දවසින් දවස ලොටන් නැතුව....
දරුවන්ගේ අනාගතය උදෙසා හෝ මේ අවාසනාවන්ත රටෙන් වහාම පිටවී යා යුතුයි.
සාගර කාරියවසම් තව ලියුමක් ලියාවිද? හැබැයි පිස්තෝලය ගත්තු අයටවත් ගෑස් වැඩිවෙන්න අරින සහ ඇමතිකම් ගත්තාට ඉන්ධන මිල අඩු නොකරපු අයටවත් ලියුම් ලිව්වේ නෑ...
කිරිබතින් සප්පායම් වෙන්න බයියනේ...!!!
කෝ බමුණා ඇවිල්ලා රට බාරගන්නකෝ..! ලංකාව නැත්තටම නැතිකරන අපේ සර්.....
ඉක්මණින් මන්නාරම හාරමු නේද?
මොනවා වැඩි වුණත් දේශපාලුවන්ට අවුලක් නැතුව ඇති. ඔවුන්ගේ බරත් පැටවිලා තියෙන්නේ ජනතාවගේ කර පිටට....
විදුලිය නිපදවීම කරන්නේ ඉන්ධන වලින් නිසා විදුලිය බිල්පත් වැඩි කරන්නම වෙනවා. විදුලිය වැඩිකළාම දුරකථන, ජල බිල්පත් වැඩිවෙනවා. ආදායම් අඩුවෙලා වියදම වැඩිවුණාම බල්ලො මරලා හෝ සල්ලි සොයන්න වෙනවා...