(සුමිත් පොතුපිටිය සහ සුනිල් තන්ත්‍රිආරච්චි)

කළුතර පොලිස් විද්‍යාලයේ අද(10)වන දා පස්වරුවේ  ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එක් කොස්තාපල්වරයෙක් අනෙක් කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බව පොලිසිය පවසයි.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලිසිය කීය.

පහර කෑ ආධුනික පොලිස් කොස්තාපල්වරයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත් ඔහු ශල්‍යකර්මයක් සඳහා යොමුකර ඇති බවත්  රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව පොලිසිය සඳහන් කරයි.

කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වති .