ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලාගාඩියා ගුවන් තොටුපොළට ගොඩබෑ එයාර් කැනඩා එක්ස්ප්‍රස් (Air Canada Express) ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අනතුරට ලක්විය. ඒ, ගුවන් පථායේ නවත්වා තිබූ ආධාරක ට්‍රක් රථයක ගැටීමෙනි.

කැනඩාවේ මොන්ට්‍රියල් සිට පැමිණි මෙම CRJ-900 වර්ගයේ මගී යානයට, ආධාරක ට්‍රක් රථයේ ගැටීමෙන් හානි සිදුවිය. යානයේ සිටි දෙදනෙකු තුවාල ලැබූ බව වාර්තා විය. යානයේ සිටි මගීන් ගණන 76 කි. කාර්ය මණ්ඩලසාමාජිකයන් ගණන 4 කි.

අනතුරත් සමග ගුවන් තොටුපොළ බලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගැණුනි.

අනතුර හේතුවෙන් ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ තවත් ගුවන් යානා කීපයක් වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යැවුණු බව පැවසෙයි.