
(ජයන්ත සමරකෝන්)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එළිමහන් 'අංක 1'- සිර වාට්ටුව අසළ වළ දමා තිබී ජංගම දුරකතන 19ක් අද(24) බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.
නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකරන ලද හදිසි සෝදිසි මෙහෙයුමදී මෙම දුරකතන වළවල් දෙකක දමා තිබියදී ගොඩගත් බවද බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.
මත්කුඩු චෝදනා ඇතුළු විවිධ අපරාධ සම්බන්ධ රැඳවියන් විශාල පිරිසක් මෙම වාට්ටුවේ රඳවා සිටින බවද පැවසේ.
(ඡායාරූප සැපයීම - ළහිරු හර්ෂණ )


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවට වතුර ටික එහෙම දාලා පැලකර ගත්තා නම් ගොඩම තමයි.
මට සිතෙන විදියට මේ බන්ධනාගාර නිලධාරීන්ගේ සහ බන්ධනාගාර තුළ කුඩ්ඩන් පාතාලයන් හා අපරාධකාරයන් මේ දමන සෙල්ලම් වලට නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට සියලු විනිසුරුතුමන්ලා සහ අධිකරණ කොමිසන් සභාව පියවරක් ගැනීම වැදගත් බවයි. නොඑසේ නම්, ගරු විනිසුරුතුමන්ලා දෙන ලද තීන්දු තීරණවලට පිටින් සිරගෙවල්වල අපරාධකරුවන් හා දඬුවම් නියම වූවන් හට බන්ධනාගාර නිලධාරීන් නීතියට පටහැනි ලෙස මෙසේ කටයුතු කිරීම එම විනිසුරුතුමන්ලාට හා අධිකරණ සේවා කොමිෂන් සභාවට කරන මහා සමච්චලයක් වගේ තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා එතුමන්ලා මේ සම්බන්ධයෙන් වැඩි ක්‍රියාමාර්ග ගැන එතුමන්ලගේ යුතුකම හා වගකීම් රට හා ජනතාව වෙනුවෙන් ඉදිරි පත් කිරීම ඉතා වැදගත් යයි අපට සිතෙනවා. එසේම මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වහා ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුයි. දූෂිත නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කළ යුතුමයි. ඔවුන් ගෙදර යැවිය යුතුමයි. කිසිඳු අනුකම්පාවක් නොකොට ඒ වෙනුවට අලුත් නිලධාරීන් බඳවාගත යුතුයි. මීට වඩා දැඩි නීතිරීති බන්ධනාගාර නිලධාරීන් වෙත දැමිය යුතුයි...