
(තිළිණි ද සිල්වා සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ කොළඹ - යාපනය අභ්‍යන්තර ගුවන් ගමන් සේවා නොවැම්බර් මැද සිට යළි ඇරඹීමට පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
තවකාලිකව අත්හිටවු එම ගුවන් ගමන් යළි අරඹන ලෙසට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ බලධාරීන්ටදුන් උපදෙස් අනුව මේ වන විටත් ආදළ පියවර ගනිමින් සිටින බවද එම අමාත්‍යාංශය කියා සිටී.
සෞඛ්‍ය මාර්ගෝපදේශ ද සැලකිල්ලට ගනිමින් එම ගුවන් ගමන් සිදු කරන ලෙසදටද අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.
පසුගිය වසරේ මාර්තු මාසයේ රට වසා දැමීමට පෙර රත්මලාන ගුවන් තොටුපළේ සිට යාපනය පළාලි ගුවන් තොටුපළ දක්වා සතියකට දෙවරක් ගුවන් ගමන් සිදු කෙරුණු ද මෙම අභ්‍යන්තර ගුවන් ගමන් දෛනිකව සිදු කිරීමේ හැකියාව සොයා බලන ලෙස ද, ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් තව ටික කාලෙකින් දේශපාලුවන්ටත් උඩින් තමයි යන්න වෙන්නේ..?