කොළඹ ප්‍රදේශ කිහිපයකට පැනවූ ඇඳිරිනීතිය අද (01දා) උදෑසන 05 ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
2022.03.01
12:39 P.M
(ළහිරු හර්ෂණ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ උතුරු,කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ, මිරිහාන, කැලණිය සහ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරිනිතිය පනවා ඇතැයි පොලිසිය පවසයි.
මිරිහාන ප්‍රදේශයේ පිරිසක් කලහාකාරිව හැසිරෙමින් වාහන කීපයකට ගිනි තැබීම සහ ආරක්ෂක අංශ සමග ගැටුමක් ඇති කර ගැනීමට යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
මේ වන විට මෙම ගැටුමින් තුවාල ලැබූ කීප දෙනකු රෝහල් ගත කර ඇතැයි ද දැනගන්නට ඇත. ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරිම සඳහා යුද හමුදාව මෙන්ම සන්නද්ධ රථ කීපයක් ද කැඳවා ඇතැයි වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd