IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොළඹ කසල කළමනාකරණයට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

කොළඹ අගනගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදිරියටත් තිරසර ලෙස පවත්වාගෙන යාම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත්කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිවේ.

මෙම ව්‍යාපෘතිය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සහ නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබිණි. ඒ අනුව සුදුසු ක්‍රමවේදයක් සැකසීම සඳහා අමාත්‍යංශ ලේකම්වරයා විසින් විශේෂඥ තාක්ෂණික කමිටුවක් පත්කරනු ලැබීය.

එම විශේෂඥ තාක්ෂණික කමිටුව විසින් කොළඹ අගනගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ තාක්ෂණික විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුව වාර්තාවක් ඉදිරිපත්කර තිබේ. 

එම වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතියේ ආරම්භක සැලැස්ම අනුව පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 2.125ක පමණ වාර්ෂික පිරිවැයක් දැරීමට සිදුවේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියෙන් දිනකට කසල මෙට්‍රික් ටොන් 300 ක් ආර්ථිකමය වාසි ලබාගත හැකි බවද අදාළ කමිටු වාර්තාව මගින් පෙන්වා දී තිබේ. 



අදහස් (1)

කොළඹ කසල කළමනාකරණයට කැබිනට් අනුමැතිය

Hafeel Monday, 03 April 2023 02:26 PM

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරද්දී කප්පම් ගනුදෙණු නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site