(එස් හේරත්)

දිට්වා සුළි කුණාටුවෙන් හලාවත දුම්රිය මාර්ගයට සිදු වූ හානිය යළි යථා තත්වයට පත් කිරීමෙන් අනතුරුව  හලාවත දක්වා හෙට  සිට දුම්රිය ධාවනය සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මාදම්පේ සහ කුඩා වැව දුම්රිය ස්ථාන අතර නෙළුම් පොකුණ ප්‍රදේශයේ කළු පාලම අසල දුම්රිය මාර්ගය පසුගිය නොවැම්බර් මාසයේ 27 වැනිදා ඇති වූ ගං වතුරට දැඩි ලෙස සෝදා පාළුවට ලක්වීම හේතුවෙන් මාසයක් වැනි කාලයක් හලාවත දක්වා දුම්රිය ධාවනය ඇණහිට තිබුණි. 

දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට පත් කිරීී⁣මෙන් පසු අද (28) පස්වරුවේ දුම්රියක් පරීක්ෂණ චාරිකාවක් සඳහා හලාවත සිට කොළඹ දක්වා ධාවනය කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හෙට දින (29) අලුයම සිට දුම්රිය හතරක් කොළඹ බලා ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවද වාර්තාවෙයි.