(රංජන් කස්තුරි)
කොළඹ නගරයේ කොවිඩ් මර්දන එන්නත ලබාදීම නිසි සැලසුමකට සිදු නොවීම නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්වන බව වාර්තා වේ.
කොළඹ නගරයේ වෙසෙන වයස අවුරුදු 70ට වැඩි ජේෂ්ඨ පුරවැසියන්ට කොවිෂීල්ඩ් එන්නතේ දෙ වන මාත්‍රාව ලබාදීම සඳහා ඊයේ කැඳවා තිබූ නමුත් ඔවුන්ට ඉතා දිගු පෝලිම් වල පැය ගණනක් සිටීමට සිදු වූහ.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අසල අද පැවැති එන්නත් මධ්‍යස්ථානයට ජේෂ්ඨ පුරවැසියන් බොහෝ පිරිසක් ගෙන්වා තිබූ අතර ඔවුන්ට එන්නත ලබා ගැනීමට පැමිණි අනෙකුත් පිරිස් සමඟ ද බොහෝ වේලාවක් ගත කිරීමට සිදු විය.
එන්නත ලබා ගැනීමට පැමිණි ජේෂ්ඨ පුරවැසියන් පිරිසක් එන්නත් නොගෙන හිස් අතින් නිවෙස් වලට ගිය අතර තවත් ජේෂ්ඨ පුරවැසියන් පිරිසකට පැය ගණනාවක් රස්තියාදු වීමට ද සිදු විය.
කණ්ඩායම් වශයෙන් ස්ථාන කිහිපයකට කැඳවන්නේ නම් අපහසුතාවයකින් තොරව එන්නත් ලබා ගැනීමට හැකි වන බවද ජේෂ්ඨ පුරවැසියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසමත්... !!!
රටේම තියන අවුලේ කවත් එක දිගුවක් විතරයි.
හැමදෙයක්ම අනාගැනීම මේ ආණ්ඩුවේ ප්‍රසිද්ධම ක්‍රමයයි...
මොකක්ද හරි වෙලාවට හරි විදිහට කළේ?
කොහොමත් කොළඹ එන්නත් දුන්නේ අනුපිළිවෙළක් නැතිව... බොහෝ වෙලාවක් කොළඹ නගර සභාවේ සේවය කරන අයගේ හිතවතුන්ට මුලින්ම මේ එන්නත දුන්නා. මම දන්න තරමින් නුවර, ගාල්ල සහ මාතර අය මේ එන්නත විදගත්තා මුලින්ම...
රෝග ලක්ෂණ පහළ වූ රෝගීන්ට ළඟම ඇති රෝහලට ගොස් එන්නත් ගැනීමට ක්‍රමයක් ඇති කළොත් මෙම වසංගතය ඉක්මණින් අවසන් කළහැකි වේවි කියලා හිතෙනවා. එහෙම නැතිව මෙම ක්‍රමයට කිරීමෙන් රෝගය පාලනය වීමට තවත් කලක් යා හැකියි...
ෆේල්, ෆේල්, ෆේල්... ඇමෙරිකා ගෙදරට යන්න..
ප්රාදේශීයව එන්නත් කරන වැඩ කරන්නේ ප්‍රාදේශිය හෝ නාගරික වෛද්‍ය නිලධාරීන්. (එම්.ඕ.එච් ට "මට ඕනෑ හැටියට" කියලා කොරෝනාවක් එන්න කලින් ඉඳන්ම කියන්නේ ඒ වැඩ එයාලට ඕන විදිහට කරන නිසා) දැන් රෝගීන් අනවශ්‍ය විදිහට පෝලිම් නොගසා කරන හැටි ජනාධිපති, සෞඛ්‍ය ඇමැති, අමාත්‍යාංශ ලේකම් හෝ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් ඇවිත් කියන්න ඕනෑද? ග්‍රාම සේවකගෙන් විස්තර ලබාගෙන අදාල රාජ්‍ය නිලධාරීන්ගේ සහායත් ගෙන කළානම් ලේසියි.
අද වෙනකම් මෙයාල කරපු මොන වැඩේද සාර්ථක උනේ.
ඡන්දහිමි නාම ලේඛනයේ වයස වැඩි පිළිවෙලට පුද්ගලයින් කාණ්ඩ කිරීමෙන් ප්‍රහ්නේ විසදෙනවා