(සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)

වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් දීර්ඝ කාලයක් තිස්සේ රෝගීන්ට ප්‍රතිකාර කළ බව කියන පුද්ගලයන් දෙදෙනකු කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් කළ මෙහෙයුමකදී අත් අඩංගුවට ගෙන ඇත .

අළුත්ගම ධර්ගා නගරය ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්‍ථාන පවත්වාගෙන ගිය මොවුන් පරික්ෂාවට ලක් කිරීමේදී ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් නොවන බව අණාවරණයවී ඇත.

එසේ ලියාපදිංචියකින් තොරව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමේ නීත්‍යානුකූල නොවන තත්වය මත මොවුන් අත් අඩංගුවට ගෙන ඇති අතර  ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවය.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්ෂෙත්‍ර සේවා ) වෛද්‍ය චරිත් හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ ව්‍යාජ වෛද්‍යවරුන් සොයා ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමට අළුත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සම්පත් නිරෝෂණ මහතා සමග මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළුව පොලිස් නිලධාරීහුද  එක්ව සිටියහ .