(ඩයනා උදයංගනී)
1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.
ඔහු මේ බව ප්‍රකාශ කරනුයේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.
ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
හිටපු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.
‘‘ පසුගිය විසි එක්වැනි දා සාමකාමී ශ්‍රී ලාංකික රට වැසියන් ඉලක්ක කරගෙන අන්තවාදී ත්රස්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාර දාමය සමඟ අපගේ මාතෘභූමිය ඉතා බරපතළ තත්වයකට පත්ව තිබෙනවා. ගෙවුණු කාලය තුළ රාජ්‍ය බුද්ධි අංශ අඩපණ කිරීම සහ ජාතික ආරක්ෂාව පිළිබඳ තැබිය යුතු නිසි අවධානය නොමැතිව කටයුතු කිරීමේ ප්‍රතිඵලය වූයේ මෙම අවාසනාවන්ත තත්වය උද්ගත වීමයි. ඒ හේතුකොටගෙන අද අපේ දරුවන් පාසැල් යෑමට පවා නොහැකි තත්වයකට අප රට පත්ව තිබෙනවා. එමෙන්ම සාමාන්‍ය ජන ජීවිතය ද බොහෝ දුරට අඩාල වී තිබෙනවා. කිතුනු බැතිමතුන්ට දේවස්ථානය අහිමි වී තිබෙනවා, එමෙන්ම බොදුනු ජනතාවට වෙසක් උත්සවය අහිමි වී තිබෙනවා. රැකී රක්ෂා කරන ජනතාවට ජාත්‍යන්තර කම්කරු දිනය අහිමි උනා.
කොටි ත්රස්තවාදයට එරෙහිව සටන් වැදී වසර 30ක කාලයක් තුලදී වත් මෙබදු තත්වයකට අපේ රට පත් වුනේ නැහැ. මිත්‍රවරුනි,
කවර හේතු මත මේ තත්ත්වයට අපගේ රට ඇද වැටුණත් අප කවර අයුරින් හෝ මේ අභියෝගයට මුහුණ දී ජය ගත යුතුයි. ලොව බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය ලෙස සැලකූ LTTE අභියෝගයට මුහුණ දී ජය ගත් අපට මේ අභියෝගය ජය ගැනීම අසීරු විය නොහැකියි. මේ සඳහා කෙටි කාලීන මෙන්ම මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් පියවර ගත යුතුව තිබෙනවා. මේ අන්තවාදී මනස නිර්මාණය කිරීමට ඉවහල් වූ සාධක නැතිකර දැමිය යුතුයි. සාමකාමී මුස්ලිම් ජනතාව පවා අසීරු ඉරණමකට ඇද දැමූ මේ ත්‍රස්තවාදය මුළුමනින්ම නැති කර දැමිය යුතුව තිබෙනවා. මුළු රටම එක නීතියක් යටතට ගෙන ජාතික ආරක්ෂාව මූලික කොටගත් ප්රතිපත්තියක පිහිටා කටයුතු කළ යුතුයි.
මේ මොහොතේ විශේෂයෙන්ම අපගේ තරුණයන්ගෙන් මා විශේෂ ඉල්ලීමක් කරනවා. 83 ජූලියේ මෙවැනිම ආකාරයෙන් එවකට පැවති ආණ්ඩුවේ අශිර්වාදයෙන් ආරම්භ වුන සිද්ධි කිහිපයක් නිසා අවුරුදු 30 ක යුද්ධයකට රට ඇද ගෙන ගියා.එම අමිහිරි අත්දැකීම් තවමත් අපේ මතකයේ තිබෙනවා. එම නිසා මේ මොහොතේ රජයක් වශයෙන් තම වගකීම පැහැරහැර ඇති මොහොතක නීතිය අතට ගෙන කටයුතු කරන්න එපා කියන ඉල්ලීම මා කරනවා. ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන්න. අසීරු වුවත් හැඟීම් පාලනය කරගන්න. අපි එකතු වී මෙම අන්තවාදය සහ ත්‍රස්තවාදය පරාජය කල යුතුයි. අප්‍රේල් 21 වන දින සිට මේ දක්වා මෙම අවාසනාවන්ත තත්වය දනුවත්කමින්ම තම වගකීම් ඉටු නොකල වර්තමාන ආණ්ඩුවේ නායකයන් ඇතුළු එයට අනුබල දුන් සියලු දෙනාටම අනාගතයේදී දඩුවම් දීම අපි අපගේ වගකීමක් ලෙස සලකා කටයුතු කරනවා.
ආරක්ෂාව පිළිබඳ විශ්වාසය නැත්තටම නැති තත්ත්වයකට පත් වී තිබෙන මේ අවස්ථාවේ සියළු ජාතීන් එකමුතුව ශක්තිමත්ව මේ අභියෝගයකට මුහුණ දිය යුතුයි. ඒ කොහොම වුණත් මේ ත්‍රස්ත ප්‍රහාර පිටුපස සිටින බලවේගයට වුවමනා වී ඇත්තේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ආරවුල් ඇති කිරීමයි. ඔවුන් ඒ සඳහා විවිධ උපක්‍රම ක්‍රියාවට නංවනවා.
සමාජ මාධ්‍ය තහනම් කිරීම මගින් ජනතාව තුල අනිසි බියක් සහ සැකයක් මතුව තිබෙනවා.
එම නිසා මේ අවස්ථාවේදී සාමය ආරක්ෂා කරන මෙන් මා ඉතා ඕනෑකමින් නැවතත් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඔබ කළ යුත්තේ මේ රට, මේ ඉරණමට ඇද වැට්ටූ වත්මන් ආණ්ඩුවට එරෙහිව නැගී සිටීම මිස, 1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදීමයි.
එබැවින් ඉවසීමෙන් ක්‍රියාකරන ලෙස මම යළිත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. එය මේ රටේ අනාගත දරු පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් අප මත පැටවී තිබෙන අත්හල නොහැකි වගකීමක් . මේ අනාරක්ෂිත තත්ත්වය නැති කළ හැක්කේ බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් පමණයි. මේ ඔබ අප සියලු දෙනාගේ මාතෘභූමියයි. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් නීතිය ක්‍රියාත්මක කරන්න.
මේ රටට ආදරේ නායකයෙකුට ඉන්නේ ඔබතුමා විතරයි.ඉක්මනටම අපිට ආයෙත් නිදහසේ ඉන්න රට බේරලා දෙන්න.
ඔබ තුමා කියන දේවල් මිනිස්සු 2015 දී ගණන් ගත්තෙත් නැහැ. අද ගණන් ගන්නෙත් නැහැ. එම නිසා බොරදියේ මාළු බාන්නෙ නැතිව ඉන්න.
මිනිසුනි නීතිය ක්‍රියාත්මක කරනවා කියන්නේ කඩෙන් බනිස් කනවා වගේ වැඩක් නෙවෙයි. අප කල යුත්තේ ඉවසීමයි. රජයට සහය වීමයි. අපේ අනාගතය විනාශ කරගන්න එක කැමතිනම් කරගන්න. හැබැයි මෙහෙම ගහ මරා ගන්න ගියොත් සංචාරකයෝ නෙවෙයි රට පැත්තට කුරුල්ලෙක්වත් එන්නේ නැතිවෙයි සීසන් එකට
මෙවැනි මාතෘකා මේ වෙලාවට අවශ්‍ය. නැති දෙයක් ඇවිලෙන ගින්නට පිදුරු දමනවා.
ශ්‍රී ලංකාවේ විපක්ෂය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විපක්ෂ තමයි. ජාතික ප්‍රශ්නයකදිවත් එකතු වෙන්න දන්නේ නැහැ. මාධ්‍ය සාකච්චා, නිවේදන විතරයි.
නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
කළු ජුලිය දවසේ සිදුවුනේ දිවයින පුරා අහිංසක ද්‍රවිඩ ජාතියන් මරා දේපොළ කොල්ලකා විනාශ කිරීම පමණි. ඇත්තටම කොටි හිටියේ උතුරේ ගුටිකෑවේ අනෙක් ප්‍රදේශවල සිටි අයයි. ඔබතුමන්ලා වායු සමනය කල කාර්යාලවල කලය ගත කරන අතරේ තම දිවි නොතකා සටන්කරන්න සිදුවුනේ රට ගැන සිතන විර සේබලුන්ටයි. ඔයගොල්ලන්ගේ කතාව විතරයි.
මුලින්ම අපට කලින් ඔබතුමා වටේට ඉන්න කට්ටියය කිවොත් හොඳයි. කඩ ගිනිතියන තැන්වල හිටපු අයගේ වීඩියෝ දැන් අන්තර් ජාලයේ වැහි වැහැලා
ඉන්දික, ඔබලා වැනි ඡන්ද දායකයන් මෙතුමා කියපු දේ නොපිළිගැනීම තමයි මේ මහා ලේ ගංගාව ගලායාමට මුලික හේතුව. ඒ පාපයෙන් ගැලවෙන්න ඔබලාට බැහැ. දැන්වත් මොලෙන් වැඩක් ගන්න හිතන්න
මෙන්න වැඩක් හීනෙන් නැගිටලා වගේ. ගහ දන්නා අපිට කොළ කඩා පාන්න එපා
මෙන්න බළලා මල්ලෙන් එලියට පැනලා
හිතට එකගවද මෙයා මේක කියන්නේ පවු
දී කිරි වලට බළල්ලුත් සාක්කි ලු
"බලලා මල්ලෙන් එළියට පැනලාලු" මීයෝ රට පුරාම දුවමින් බැංකුත් කාලා ජාතික සම්පතුත් කාලා අන්තිමට සිංහල ජාතියත් කනකොට බළලව මල්ලෙන් එළියට නොදා මල්ලේම තියාගෙන ඉන්නේ මොන කෙන්ගෙඩියකටද?
කලදුටු කල මඩි තර කර ගනිල්ලා. අනාථ බව.. සනාථ වේ...
ඉන්දික වගේ අයට කියන්න තියෙන්නේ ඔබලා ප්‍රාර්ථනා කළ වෙනස සහ අපමණ අගය දැන් ලැබී ඇති නිසා පවුලේ කෙනෙකු බෝම්බයකින් මියයන තුරු මේ සැප විඳගෙන ඉන්න කියලයි..
මුල අමතක ජාතියකට කවදාවත් හරි යන්නේ නැහැ .. රට මේ තැනට ඇදලා දාපු මිනිස්සු දැන් කරන්නේ මෙතුමාට මඩ ගහන එක.. සිරිමල් වගේ උදවිය එළියට බහින්නේ මෙතුමාගේ ෆොටෝ එකක් දැක්කම විතරයි.. කඩේ ගිහින් බලාපොරොත්තු වුණු කිසිම දෙයක් කරගන්න බැරුව දැන් කරන්නේ මේ මිනිස්සුන්ට බනින එක.. අගමැතිට අදාල ප්‍රවෘත්තියක් මේ වෙබ් අඩවියේම තියෙනවා.. ඒවට කට අරින්නේ නැති උදවිය මේකට නම් අපූරුවට කට ඇරලා තියෙනවා..
මහින්ද මහතානනි, ඔබතුමා ප්‍රකාශ කරන්න "රටේ කිසිම කලබලයක් කලබගෑනියක් වෙලා නැහැ... රටේ නායකයෝ දස රාජධර්මයෙන් පාලනය කෙරෙනවා, රනිල්, සිරිසේන ඇතුළු විරුද්ධ පක්ෂයටත් උපදෙස් දෙමින් රට සෞභාග්‍යය කරා (නාහෙට ලණුවක් දාගෙන) ඇදගෙන යනවා. මුස්ලිම් සහෝදරවරු රටේ සියලුම ආගම්වලට උදව් කරමින් ආගමික සංහිඳියාව ඇතිකරනවා" කියලා.. එතකොට මෙතැන ලියන ගොයියෝ උඩ පැනලා හුරේ දාල අප්පුඩි ගහලා ඔබ තුමාට ආශීර්වාද කරාවි. මෙතන කමෙන්ට්ස් දාලා තිබෙන්නේ ඔබගේ කතාව කියවලා නොවෙයි, ඡන්දකාලේ රනිල් කියපුවා අහලා. මෙහෙව් රටකටද හරියන්නේ?
මධුමාධවගේ හැසිරීම රටම දැක්කා...
නරකද ඔබතුමා මුලින්ම මධුමාධවට ඔය ගැන පැහැදිලි කළා නම්... ජාතිවාදය අවුස්සලා බබා වෙන්න හදන්න එපා..
ඕක හිතන්න තිබුණේ මෛත්‍රීව ඕකට පොළඹවන්න කලින් ඒක කරලා රට වනසලා දැන් එනවා බණ කියන්න....
ටොපික් දීලා කෙළවගෙන තියෙන්නේ...
මෙයාගේ හැටිත් හොඳටම දැනගත්තා. විල්පත්තු ප්රශ්නය ෂරියා කැම්පස් මේවට අනුමැතිය දීලා තියන්නේ මෙයා. ඔක්කොමලා කරලා තියන්නේ සිංහලය රවට්ටපු එක තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්න...
ඔක්කොම අවුස්සල සද්ද නැතිව ඉන්නව නේද... හොර ගෙඩියා
මේ අර හිස්බුල්ලාට වහබ්වාදී සරසවි මද්රසා ඉස්කෝල දාන්න බලපත්‍ර දුන්න දේශප්‍රෙමී නායකයා නේද?
මේ ගොල්ලෝ දිය බොරකරලම මාළු බාන කට්ටිය ..
හරියට හරි, මේ වෙලාවේ රට යථා තත්ත්වයට පත් කිරීමට දේශපාලන කතා පැත්තක දාලා රජයට සහයෝගය දෙන්න ඕනේ.... ඡන්දේ ඉල්ලන්න අවස්ථාවක් එයි.... එතකොට ඕන දෙයක් කරන්න පුලුවන්..... අද මිනිස්සු කී දෙනෙක් එදා වේල හොයාගන්න බැරුව ඉන්නවාද? මේ ඔයාට ඕනේ ඊළඟ ඡන්දේ වෙනකම් මේක ඇඳ ගෙන යන්න
තමුන්ගේ සහ පවුලේ බල තණ්හාව නිසා තමයි අපේ රටට ගොඩක් ව්‍යවසන වුනේ... දැන්වත් රට ගැන හිතලා වැඩ කරන්න. නැත්නම් විශ්‍රාම යන්න.
මෙයාලා ඥානසාර හාමුදුරුවෝ දම්මලා සිංහල ජාතිවාදේ වපුරලා බදියුදීන්ට විල්පත්තුව කැලේ කපන්න අවසර දීලා මද්රසා පාසැල්වලට බලපත්‍රදීලා මුස්ලිම් ජාතිවාදය වර්ධනයට අවශ්‍ය අඩිතාලම දමලා දැන් එනවා බණ කියන්න...
ඔබලා දඬුවම් දීමට යන්නේ, යහපාලන ආණ්ඩුව ඔබලාට දඬුවම් දුන් විදිහටද? මිනිසුන් තවත් මුලා කරන්න හදන්න එපා. අපිට දැන් දෙපැත්තේම එයාගේ කතා අහලා තිත්තවෙලා මහත්තයෝ...
මෙයාගේ දිව හැරෙන හැරෙන අතට කතාව. මෙය තමයි මේ සේරගේම වග උත්තර කාරයා. රට ගිනි තියන්න සුරයා බලේට තියන කෑදරකම. මෙයාගේ හෙන්න්චයියෝ ඔක්කොටොම එහා.
මහින්ද විරෝදී මාෆියාවක් ක්රීයාත්මක වන බව පෙනේ
කව්ද කළු ජුලි ඇති කරලා දේශපාලන වාසිගන්න බලන්නේ?
මේ මනුස්සයා කියලා තියෙන ඇත්ත තේරෙන්නේ නැති මෝඩ මිනිස්සු දාලා තියෙන කමෙන්ට් කියවන්න අපුලයි... IS කාරයෝ විතරක් නොවේ, තලේබාන් කාරයොත් ඇවිල්ලා මේ රටට ගහලා ගියත් මේ මෝඩ මිනිස්සු නම් හදන්න බැහැ...
මහින්ද විරෝදී මාෆියාවක් කෙසේ වෙතත් මහින්ද වාදී මාෆියාවක් හදා ගන්න කට්ටිය දගලන්නේ !
ඕක හිතන්න තිබුණේ මෛත්‍රීව කුලප්පු කරන්න කලින් දැන් බණ කියන්න එපා.. ඔය සේරම එකතුවෙලා මේ විනාශය කළ බව රටම දන්නවා. නූගතුන් කුලප්පු කරන්න පෙර දෙවතාවක් සිතන්න පුරුදුවෙන්න. දැන් හනුමා රටම ගිනිතියලා ඉවරයි..