
(අංජුල මහික වීරරත්න)
සමාගම්වලට හිතුමතේ මිල පාලනය කරන්න දෙමින් ආණ්ඩුව ජනතාව ඉදිරියේ කළු කඩ මුදලාලිගේ චරිතය රඟ දක්වමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ගෑස්,කිරි පිටි, පාන් පිටි හා සිමෙන්ති මිල පාලනයෙන් රජය ඉවත් වී භාණ්ඩ මිල තීරණය කිරීමේ අයිතිය මෙන්ම ආණ්ඩුව පාලනය කිරීමේ අයිතියත් කළුකඩ මුදලාලිලාට ම බාර කර ඇතැයිද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
"මිනිස්සුන්ට දැන් මේ පාලනය එපා වෙලා තියෙන්නේ. ජනතාව ඉල්ලන්නේ අලුත් කණ්ඩායමක්. ඒ කණ්ඩායම අද ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ. එම නිසා වැඩ බැරි ආණ්ඩුව ගෙදර යවන්න අලුත් කණ්ඩායමක් සමඟ පිරිස සුදානම් කරමු"යනුවෙන් ද රුවන් විජයවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම එකයි.
ඔබතුමා අතීත දේශපාලනයේ හිමි කරුවෙකු. ඒ පැවැති දේශපාලය හෝ දැන් පවතින දේශපලනය කෙබදුදැයි මට හොදට මතකය. අපිට අවංක උගත් රටට ආදරය කරන මිනිනිසුන් දේශපාලනයට අවශ්‍යව ඇත. ඹබගේ දේශපාලය හා දැන් පවතින දේශපාලනය අතර වෙනසක් මම දකින්නේ නැත.
මේගොල්ලොත් ඔය ගොල්ලොත් එකම කාසියේ දෙපැත්ත
මෙලෝ රහක් නැහැ... කරපු දෙයක් තියෙනවද කියන්න...? මේ ඔක්කොම එකයි. ඒ අය හොඳ නෑ කියලා මේ අයට දීලා අපිට ගොඩ යන්න බෑ.. අලුතෙන්ම හිතන්න ඕනෑ.
කවුරු අලුත් වුණත්, ඔයාලගේ ලොක්කා අලුත් වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ...
රටේ වාසනාවකට ඔබලා පැරදුණේ...
කවුද අප්පා ඔය අලුත් කට්ටිය...? අඟහරු ලෝකෙන්වත්ද?
පුදුම අලුත් පිරිසක් ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ.. තාත්තා කනවා.. ඊළඟට පුතා ඇවිත් කනවා. මේක හදන්න අඟහරු ලෝකෙන් තමයි ගේන්න වෙන්නේ...
කතාව හරි. නමුත් විකල්පය ඔයාල නම් නෙවෙයි .
අන්න ඒකනම් මසුරන් වටිනා කතාවක්. හැබැයි එක ප්‍රශ්නෙකට තියෙන්නේ එහෙම පිරිසක් හොයගන්න නැති එක තමයි. ඔය කතාව කිව්වා කියලා ඔබලාට ආයේ බලය දෙනවාට වඩා හොඳයි සියදිවි හානි කරගන්න එක...
හිතන් ඉන්න විදිය.... පව් අනේ...
ඒ අයත් එකයි, මේ අයත් එකයි කියලා ජ.වි.පෙ. කෙනෙක් කියලා තිබුණේ නිකම් නෙවෙයිනේ...
රට හොඳට තිබුණු කාලෙත් කරගන්න බැරි වෙච්චි මිනිස්සු දැනගත්තොත් කොහොම වෙයිද? ඒ නිසා මෙහෙම්මම යමු. දන්න යකා හොඳයි...
ඔව්.... අලුත් පිරිසකට බලය දෙන්න බහුතරය සූදානම්..! ඒත් 73 අවුරුද්දක් බලයේ හිටපු කිසිඳු පක්ෂයකට නොවෙයි. පක්ෂය මොකක්ද කියලා කියන්න "තාම අපි වැට පනින්නේ නැහැ". 2024දී විතර කියන්නම්. තවම බලා සහ අසා සිටිනවා පමණයි.