
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොහුවල එස්.ද.එස් ජයසිංහ මාවතේ පුද්ගලික රෝහලක රථ ගාල ඉදිරිපිටදීට වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලද තරුණයා දින තුනකට පසු මියගිය බව කොහුවල පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කළුබෝවිල බෝධිය වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි චන්දිම සචින්ත පෙරේරා නොහොත් අභා නැමැති 26 හැවිරිදි පුද්ගලයෙකි
තුවාල ලද පුද්ගලයා ඉකුත් 22 වැනි දා ත්‍රී රෝද රථයක යමින් සිටියදී යතුරු පැදියකින් පැමිනි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු නයින් එම් එම් වර්ගයේ පිස්තෝල ගිණි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
බරපතල තුවාල ලද එම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd