
(විනීතා එම් ගමගේ)
විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තෙකු පමණක් නිවසේ තනිකර දමා ඔහුගේ මව නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යාම බලධාරීන් විසින් නිරෝධායන පනත උල්ලංඝණය කිරීමක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
විශේෂ අවශ්‍යතා සහිත දරුවකු සිටින කහතුඩුවේ කාන්තාවක් නිරෝධායනයට ගෙන ගිය පසු ඇය සමග ජීවත්වූ ඇගේ ආබාධිත පුතු සියදිවි නසාගෙන තිබේ.
ළදරුවෙකු ආබාධිත අයෙකු හෝ තනිව තම කටයුතු කරගත නොහැකි අයෙකු තනිකර දමා භාරකරුවන් නිරෝධායනයට හෝ රෝහලකට රැගෙන නොයන බවත් එවැනි අවස්ථාවන්හිදී ගත යුතු පියවර නිරෝධායන නීතියේ පැහැදිලිව සඳහන් වන බවත් වෛද්‍ය හේරත් මහතා සඳහන් කළේය.
නිරෝධායනය ඉදිරියේ දී නිවෙස්වලම කිරීමට තීරණය කර ඇතත් මෙවැනි තැනැත්තන් නිවසක හුදකලාවේ තබා යා නොහැකි නිසා බවත් එවැන්නන් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වා ගෙන යායුතු බවත් කී හේරත් මහතා විශේෂයෙන් බෝඩිම්වල රැඳී සිටින පිරිස් අවශ්‍ය අවස්ථාවල නිරෝධායනය මධ්‍යස්ථානවලට යැවිය යුතුව ඇතැයි ද කීවේය.
කහතුඩුවේ සිදුවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය සොයා බලන බවත් එවැනි වැරදි ඉදිරියේ දී සිදුවන්නට ඉඩ නොතබන බවත් හෙතෙම කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව හරියට කොරෝනා ක්‍රියාත්මක වුණේ නෑ.. තව සෙල්ලන් ඉස්සරහට ... අනේ කාලේ වනේ වාසේ කිව්වලු...
නීතිය සහ බලය තිබුණට විතරක් මදි... බුද්ධිය සහ ස්ථානෝචිත ප්‍රඥාවත් තිබිය යුතුයි. ඒ ඔක්කොටම වැඩිය මානුෂික හැඟීමත් තිබිය යුතුයි.
හොයලා බලලා මදි.. ඒ අමානුෂික නිලධාරීන්ට දඬුවම් කළ යුතුයි..!!!
මේ බලධාරීන් නැමැති අඳබාල ළදරු බබාලාගේ මහා බුද්ධි මහිමය නිසා තවත් අසරණ ජීවිතයක් මෙසේ මිය ගිය වගයි. ඔවුන්ට නිසි මග පෙන්වීමට හෝ නිසි පුහුණුවක් ලබාදීමට නොහැකිවූ සෞඛ්‍ය අමාත්‍යාංශය සිද්ධිය වූවාට පසු කරන පරීක්ෂණයෙන් ඇති ඵලය කිම ... ?
රටේ ජනතාව බොහෝදුරට රජයේ නිරෝධායන වැඩ පිළිවෙලට සහයෝගය නොදීමට එක හේතුවක් තමයි මිනිසුන්ගේ ඇතැම් අධි සංවේදි මානුෂිය ගැටලු නොසලකා හැරීම. නීතිය සහ බලය කෙසේ වෙතත්, බලධාරීන්ට අවම සාමාන්‍ය දැනුම තිබුණා නම් මේ අහිංසක දරුවාගේ මරණය වළක්වා ගැනීමට හැකිව තිබිණි. තමන් සියල්ලම දන්නවා යැයි සිතා වැඩකිරීම ඉතා භයානකයි! අතිශයින්ම කණගාටුයි, ඉදිරියට මෙවන් දේ අසන්නට නොලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.
කොහොමත් ඉදිරියෙදී රෝහල් වල හෝ නිරෝධායන මධ්‍යස්ථාන කිසිවක ඉඩ නැති වෙනවා.. ඒක නිසා රෝගයේ සන්කූලතා සහ අවදානම් පසුබිමක් ඇති රෝගීන් පමණක් රෝහල් ගත කර අනෙකුත් අය pcr , පොසිටිව් අයත් නිවසේදීම ප්‍රතිකාර කිරීම සහ නිරෝධායනයට ලක්කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.. ඕනෑම රෝගියෙකුට තමුන්ට අවශය හෙළ වෙදකම හෝ ආයුර්වේද ප්‍රතිකාර කිරීමටත් හෝ බටහිර වෙදකම කිරීමේ අයිතිය තිබිය යුතුයි.. බටහිර වෙදකමේ මෙම රෝගයට කිසිඳු ප්‍රතිකාරයක් මේ වන තෙක් සොයා ගෙන නැති නිසා අනිවාර්යයෙන්ම එය කල යුතු වෙනවා.. කොහොමත් මේ රෝගය මාධ්‍ය සහ බටහිර දොස්තරලා කියන තරම් යකා කලු නැහැ.. මුල් අවස්ථාවේදීම ඖෂධ ප්‍රතිකාර වාෂ්ප ඇල්ලීම සහ ප්‍රතිශක්ති වර්ධක ඖෂධ (දේශීය ශාක හෝ බටහිර විටමින ආදී) පාවිච්චිය තුලින් පහසුවෙන්ම රෝගය සුව කල හැකි අතර අන් අයට රෝගය බෝවීමද අල්ප වීමද පැහැදිලි ලෙස පේනවා... කොහොමත් තව ටික දිනකින් වෙන විකල්පයකුත් නැත..
අද ප්‍රධාන නීතිත් සාමාන්‍ය වෙලා තියෙන්නේ.
කොතරම් උගත් වුවත් හිතක් පපුවක් නැති අය ඉන්නතාක් ඔය දූපත තව අවුරුදු 100 ගියත් ඔය ආකාරයෙන් ම තමයි. දරුවන්ට පොත විතරක් නෙවෙයි ගුණධර්මත් පාසල් තුළ උගැන්විය යුතුය.
ඕකේ සර්... ස්තුතියි..!!!
මේ ක්‍රමය යටතේ මීට වඩා මානුෂිකත්වයක් තියෙන්න විදියක් නෑ. මම හොඳටම දන්න නිසා කියන්නේ. අපේ රටේ තියෙන වහල් දීන මානසිකත්වය නිසා හැම දේම වැහිලා තියෙන්නේ. මේ රට ඉතාම අවාසනාවන්තයි. අපට කවදාවත් සංවර්ධිත රටක් බවට පත්වෙන්න බෑ මේ විදියට ගියොත් (මහ බැංකු වාර්තාවට නම් තව අවුරුදු දෙකකින් සංවර්ධිත රටක් කියලා ඇතුලත් වෙයි). අපි වෙනස් නොවුනොත් අපි හැමෝම අනාථයි.
මේ වැඩේ කල අයට දඬුවම් දිය යුතුමයි.
මොවුන් දන්නේ අල්ලස් ගන්න විතරයි
20වැනි සංශෝධනයෙන් පස්සේ වෛද්‍යවරුන්ට නඩු තීන්දු දෙන්නත් පුලුවන්කම ලැබිලා වගේ...
තනතුරට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ඇතත් දැනුම, ආකල්ප හා කුසලතා කිසිවක් නැති අයවලුන් නිසා මෙවැනිදේ ඇතිවෙනවා. දැන් හුඟක් රජයේ සේවක පිරිස් කටයුතු කරන්නේ අසා ඇති ආකාරයට මිස සුදුසු ආකාරයට නොවේ. තැනේ හැටියට ඇණේ ගසන්න නොදන්නා පිරිස් නිසා ලොකු විනාශයක් වෙන්න පුළුවනි(.පසුගිය කාලයේ එක් අයෙක් කියල තිබුනාලු ජනාධිපතිතුමා නියමකල රාජකාරියක් කරන්න චක්‍රලේඛයක් එවන්න කියලත්.)
මී හරක් වගේ වැඩ කරලා දැන් කියනවා යලිත් වෙන්න දෙන්නෙ නැහැලු. ඒ අම්මට තමන්ගේ දරුවා නැති වුනා. ආයෙ කවදාවත් ලැබෙන්නෙ නෑ. ඒ අම්ම දරුදුක කොහොම උහුලන්නද? මිනිස්සු නිරෝධායනයට අරන් ගියේ බල්ලො බලල්ලු වගේ. තර්ජනය කරලා... ටීවී වල නිවුස් වලට පෙන්නුවෙ මිනිස්සු අරන් යන එව්වා.. මේවා දැකපු කොරෝනා ආශ්‍රිතයො හැංගුනා. ලෙඩක් හැදුණා කියන්නේ ඒ මිනිස්සුන්ගේ වැරැද්දක් නෙමෙයි. ඒත් බලධාරීන් ඒ මිනිස්සුන්ට සැලකුවෙ ඉතාමත් ම අමානුෂික විදිහට... දෙවෙනි රැල්ලෙ ඉස්සෙල්ලාම හම්බවුණු රෝගී කාන්තාවට පොලිස් නිලධාරින් ගිහින් කුනුහරුපෙන් බැනලා තියෙනවා.. ලෙඩෙකුට වුණත් මානුෂිකව සලකන්න ඕනේ කියලා ඒ අය දන්නෙ නැහැ.