IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කහටගහ මිනිරන් පතල රාජ්‍ය - පෞද්ගලික ආයෝජනයකට

(අංජුල මහික වීරරත්න)

කහටගහ පතලේ මිනිරන් සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අක්කර 102 ක පමණ භුමි ප්‍රමාණයක පිහිටා ඇති කහටගහ පතල ශ්‍රී ලංකාවේ ගැඹුරුම මිනිරන් පතල වේ. පුර්ණ වශයෙන් රජය සතු සමාගමක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් යටතේ මේ වන විට කහටගහ පතල ක්‍රියාත්මක වන අතර, එමඟින්, උසස්ම තත්ත්වයේ මිනිරන් නිෂ්පාදනය කර, අපනයනය කිරීම සිදු කරනු ලබයි. පසුගිය රජය යටතේ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර තිබූ අතර, ඒ යටතේ හඳුනාගනු ලබන ආයෝජකයෙකු මඟින් කහටගහ පතලේ මිනිරන් සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවට 2023-12-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

එහෙත්, ඒ අනුව ඉදිරි පියවර ගෙන නොමැත. එම පතලේ පවතින මිනිරන් සංචිතය පිළිබඳව නිශ්චය කිරීම සඳහා දේශීය වශයෙන් පවතින තාක්ෂණය ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබේ. එම කරුණු සැලකිල්ලට ගෙන, කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එළඹ ඇති 2023-12-11 දිනැති අමාක්‍ය මණ්ඩල තීරණය අවලංගු කර, කහටගහ පතලේ මිනිරන්වල අයිතිය එම සමාගම සතුවම පවත්වා ගනිමින් හා දැනට එම පතලේ සේවය කරනු ලබන සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් කහටගහ පතලේ මිනිරන් සංචිතය ගවේශනය කිරීම, එම පතලේ මිනිරන් කැනීම්, සැකසුම් හා මිනිරන් සඳහා අගය එකතු කිරීම යන සමස්ත ව්‍යාපෘතිය රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් අභිලාෂ ප්‍රකාශ කිරීමේ යෝජනා කැඳවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

කහටගහ මිනිරන් පතල රාජ්‍ය - පෞද්ගලික ආයෝජනයකට

ගුණරත්න Wednesday, 17 September 2025 08:29 AM

හොඳ යෝජනාවක්, ඒත් ප්‍රශ්නේ ඉස්සෙල්ලා යූනියන් වලින් සහ ජවිපෙන අවසර අරගන්න එපැයි . හා මට අමතක වුනා මේ ජවිපෙ ආණ්ඩුවක් කියල. කොමන්ට් සෙක්ෂන් එකත් පාලුයි. එකෙක් නැහැ මොකුත් කියලා. අනුන්ගෙන් කාලා ජීවත්වුණු සහෝදරයෝ කෝටිපතියෝ වෙලා. කාලය මැවූ වෙනසක අරුමේ කියන්නේ මේ වගේ දේවල් වලට.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site