
(රෝෂන් තුෂාර)
ගණේමුල්ලේ සංජීව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවන්ට ආධාර අනුබල දෙමින් ඔහුව මෙහෙයවූයේ යැයි රඳවා ප්‍රශ්න කරන කෙසෙල් බද්දර පත්මේ සැකකරු තවත් දින 90 රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා රහස් පොලීසියට අද (05) අවසර ලබා දුන්නේය.
ගනිමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දින අනූවක් රඳවා ප්‍රශ්න කළ පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන කෙසෙල් බද්දර පත්මේ පෙබරවාරි 26 දින සිට තවත් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් අනුමැතිය ලබා ගත් බවට රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම අවසරය ලබා දුන්නේ ය.
ඊයේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ගනේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ හිටපු උප පොලිස් පරීක්ෂක නිරෝෂන් උදිත් උදයශාන්ත සැකකරුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම වැඩිදුර විමර්ශන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බවත් , සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කරන බැවින් අදාළ අවසරය ලබාදෙන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd