
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ ආසාදිතව නිවසේ සිටින රෝගියකුට කිසියම් අපහසුතාවක් ඇත්නම් රෝහල්ගත වීම අනිවාර්ය යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු සහ පරීක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, ආපදා කළමනාකරණ සහ හදිසි ප්‍රතිකාර ඒකකය ප්‍රධානී විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
රෝහල්ගත වීමට පැමිණෙන ඕනෑම රෝගියකු බාරගත යුතු බවට රෝහල් ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවත් එය රෝහල් කාර්ය මණ්ඩලයේ වගකීමක් බවත් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා කියයි.
තාවකාලික ස්ථානවල පදිංචිව සිටින පුද්ගලයන් එම ස්ථානවලම රැදී සිටීම වඩාත් යෝග්‍ය බවත් නිවෙස්වලට හෝ ස්ථාර පදිංචි ස්ථානවලට යෑම රෝගය පැතිරවීමට අනුබලයක් බවත් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා කීය.
නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ වර්ෂාව හේතුවෙන් ආපදාවලට ලක්වීමේ වැඩි ඉඩක් ඇති බවත් ජනතාව ඒ පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මෙයා කියන්නේ...? මම දන්න කාන්තාවකට කොවිඩ් හැදිලා දවස් 11ක්.. ඒත් අදටත් ඉන්නේ ගෙදර.. රෝහල් ඉඩ නැතිලු...
දැන් රෝගියාටම රෝග තත්වය ගැන තීරණය කරන්නයි වෙලා තියෙන්නේ.. මේ සෞඛ්‍ය අංශ පාලනය කරන්නේ හමුදාවෙන්නේ.. රජා පිස්සු වුණත් එකයි, පිස්සා රජ වුණත් එකයි කියන්නේ මේකට තමයි.
මෙතුමන්ලා මෙසේ කීවාට රෝහල්වල තත්වය අද වන විට ඉතාම පහත් තත්වයකට වැටිලා...! පවතින තත්වය යටතේ සෞඛ්‍ය සේවාව දුෂ්කර බව පැහැදිලිය...!!! එහෙත්, රෝගීන්ව නොසලකා හරින තත්වයක් දැකිය හැකියි. බොහෝ සායන, බාහිර රෝග අංශ ඉතාම ආකාර්යක්ෂමයි.. මනුෂ්‍යයින්ට සලකන විදිය ඉතාම කණගාටුදායකයි! - කරුණාකර රෝහලකට ගොස් බලන්න. මිනිස්සු රෝහල්වලට යාමට බියක් දක්වන්නේ, බඩේ අමාරුවකට රෝහලට ගියත්, කොරොනා පිට දාලා රෝගින්ට සලකන නිසා!!! පිළිකා රෝහලට ගිහින් සැබෑ තත්වය අවබෝධ කරගන්න. මුත්‍රා පරීක්ෂණයකට තුණ්ඩුව ලියාගෙන සායනයට වේලාවක් ලබාගන්න දිනක් ගත වෙනවා!!!... ප්‍රමුඛත්වය දෙන්නේ වෛද්යවාරයාව පුද්ගලිකව චැනල් කරලා යන අයටයි...! එහි සිටින අය රෝගීන් ගැන කිසිම තැකිමක් කරලා, ඔවුන්ගේ කාර්යය ඉටුකරලා ඉක්මණින් රෝගියා එතැනින් පිට කිරීමට කිසිඳු උත්සාහයක් ගන්නේ නැහැ!... මේ තොරතුරු අප සටහන් කලේ පිළිකා රෝහලේදී මුහුණ දුන් අත් දැකීමක් මුල් කරගෙනයි..! රට වැසියෙකු ලෙස එක දෙයක් කිව යුතුයි. රට අරාජීක වී ඇත. එක් එක් නිලධාරියා තමාට ඇති බලය තමන්ට කැමැති, පහසු ආකාරයට යොදවා වගකීමෙන් ගැලවෙයි. මාධ්‍යයේ ඔබ දකින, අසන දේ සැබැ ලෝකයේ ක්‍රියාත්මක නොවේ!
කුමන අපහසුතාවයට රෝහලට ගියත් වඳින්නේ කොරෙනා ලේබලය..! ලංකාවේ සොයාගත් අලුත්ම වෛද්‍ය ගැලවිජ්ජාව - කොරෙනාව. අද වන විට අක්ෂිරෝහලේ සේවා සීමා කර ඇත. ප්‍රතිකාර අතර මැද නැවති පීඩා විඳින අක්ෂි රෝගින් ඉතාම භයානක තත්වයට පත්ව ඇත! වෙනත් සායන ද එසේමය. මේ වෙලාවේ කොරොනා වසංගතය බලවත් වුවත්, රජයේ රෝහල් වලින් ලබාදෙන වෙනත් සේවාවන් අඩාල කර ඇත්තේ ඇයි? විශේෂයෙන්ම සායන බොහෝමයක් නවතා දමා ඇත. වසංගතය නිසා මෙවන් සේවා අඩාල කිරීම කිසිසේත්ම අනුමත කළ හැකිද? සායනවලට පැමිණෙන රෝගී ජනතාව මේ ආකාරයට අසරණ කරන්නේ ඇයි? .
අපි කොච්චර බලාපොරොත්තු තියාගෙනද මෙතැනට ජනාධිපති ගෙනාවේ.. අපි හිතුවා අපේ රටේ ශාපය ඉවරයි කියලා. නීතිය කාටත් එකයි, ඥාති සංග්‍රහ ඉවරයි කියලා. බලන්න මේ මනුස්සයා වෙද්යවරුන්ටත් කන්දෙන්නෙත් නැහැනේ. දවසකට කොච්චර මැරෙනවද?, රජයේ සංඛ්‍යා ලේඛන කවුරුත් පිළිගන්නේ නැහැ. මේ රට විනාශය කරා ඇදෙනවා...
මොකද කට්ටිය මදිද මාධ්‍ය සංදර්ශනයට...
රෝග ලක්ෂණ පෙන්වන කොරෝනා අසාධිතයින් ඇතුළත් කළයුත්තේ ඒ සඳහාම සකස්කර ඇති රෝහල් හෝ වෙන්කරන ලද වාට්ටු ඇති රෝහල්වලට මිස දිවයින තුළ අවම පහසුකම් සහිත කුඩා රෝහල්වලට නොවෙයි එයට හේතු 1. මේ සඳහා සකස් කර ඇති රෝහල් සේවක ආරක්ෂාව සැලසෙන පරිදි විශේෂයෙන් සකස්කර ඇති අතර යම් පුහුණුවක් සහ අවශ්‍ය ආරක්ෂක උපකරණ ප්‍රමාණවත්ව සපයාදීමක් සිදුකර අැත 2. අනිකුත් සාමාන්‍ය රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර කරන කුඩා රෝහල්වල ඉහත පහසුකම් නොමැති තත්වයක් තුළ කොවිඩ් අසාදිත රෝග ලක්ෂණ පෙන්වන රෝගීන්ට ප්‍රතිකාර කරන්නට ගියහොත් සේවක මණ්ඩලයද, අනිකුත් රෝගීන්ද දැඩි අනතුරක හෙලීමක් සිදුවන අතර කොරෝනා රෝගියාද අපහසුතාවයකට පත්වනු නොඅනුමානයි. මෙය මහ පොළවේ යථාර්තය දන්නා අයට වැටහෙන කරුණක් බැවින් දීර්ඝව අදහස් ඉදිරිපත් නොකළත් මෙසේ ඕනෑම රෝහලක කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න නම් සේවක ආරක්ෂාව කොරෝනා රෝගීන් සඳහා වෙන්කළ රෝහල් තත්වයටම තිබිය යුතුයි. මොකද හැමෝම තමන්ගේ ජීවිතයට ආදරෙයි. එතැනදී තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම සාධාරණයි. ඇත්තම තත්වය නම් කුඩා රෝහල් දැඩි අවදානමක් තුළ තමයි දැනටත් ප්‍රතිකාර කරන්නේ.. මොකද ප්‍රතිකාර කරන රෝගීන් අතර හඳුනා නොගත් කොරෝනා රෝගීන්...
අපහසුතාවය ඉතින් මුදල් නැති එක තමයි..
කතාව නම් සිංගප්පූරුවේ ඉන්නවා වාගේ, බාබාලා මේ අය දන්නේ නෑ රටේ තත්වේ. රට බල්ලට ගිහිල්ලා, රටේ පරිපාලනයක්, නිතීයක්, රෙගුලාසියක් නෑ.. කල දුටු තැන හැම කෙනාම වල ඉහගන්නවා. යහපාලනයට වඩා හැම අතින්ම අන්ත පිරිහුණු තත්වයක් තියෙන්නේ. පාලකයින් බොරුව වහන්න ඇඟ බේරගන්න බොරු ප්‍රචාර වලට නම් ගොඩක් වියදම් කරනවා. එ්ක පැහැදිලිව පෙනුණා. ඉටුකම අරමුදලෙන් කෝටි 6.7ක් වියදම් කරලා තිබ්බා මීඩියාවලට...