ලංකා සමාජ සවිබල ගැන්වීම සංවිධානය කොස් පැළ ලක්ෂ දහයක් සිටුවීමට සැලසුම් කර ඇත.
අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් එහි පළමු පියවර වත්තලදී අද ආරම්භ වේ.
බද්ධ කළ කොස්පැළ නොමිලයේ ලබා දී ඒවා පීදෙන තුරු අධීක්ෂණයෙන් පසුවන අතර අවශ්‍ය පොහොර සහ නඩත්තුව සඳහා ප්‍රතිපාදන සපයන බව ලංකා සමාජ සවිබලගැන්වීම පදනමේ සභාපති සි.එස්. කාලිංග මහතා කියයි.
සශ්‍රිකත්වයෙන් සපිරි හරිත දේශයක කොස් වගාව ප්‍රචලිත කිරීම තුළින් අභ්‍යන්තර සුරක්ෂිතතාව හා හෙළයේ ජවසම්පන්න නිරෝගී ජීවන රටාව දැයට දායාද කරමින් සෞභ්‍යාග්‍යමත් රටක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ද කාලිංග මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වටිනා කටයුත්තකි. ජයවේවා...!!!
අපේ පර්චස් 8 නම් මේක කරන්න ඉඩමදි. කොස්පැලේ එක්ක ඉඩමකුත් දෙන්න.
හරියට කළොත් බොහොම හොඳ වැඩක්...
මේක හොඳ වැඩක්... කොහෙන්ද කොස්පැළ ගන්න පුළුවන්? මගේ අදහසක් තියෙනවා කොස්ගොඩට කොස්පැළ බෙදා දෙන්න.
කොස්පැලයක් සමග මුරුංගා පැලයකුත් දෙන්න. මුරුංගා පෝෂ්‍යදායක බව අතින් සුපිරි ආහාරයක්...