(දිලංගා ගෝමස්)

මොරටුව එක්සත් ජාතික පක්ෂ හිටපු නාගරික මන්ත්‍රීවරයකු පැදවූ මෝටර් රථයේ ගැටී පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා අද (29) රෝහල් ගත කර ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි. 

මොරටුව සිට දෙහිවල දෙසට ගමන් කල ‍ මන්ත්‍රීවරයා පැදවූ මෝටර් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ගල්කිස්ස පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති කහ ඉර මත මාර්ගය හරහා ගමන් ගනිමින් සිටි ගල්කිස්ස පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු අනතුරට පත්ව කලුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.

ගල්කිස්ස පොලිසිය විසින් රිය අනතුර සිදු කල හිටපු නාගරික මන්ත්‍රීවරයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.