
(ටී.කේ.ජී.කපිල )
යුරෝපයට උදා වී ඇති ශීත ඍතුව හේතුවෙන් කසකස්තානයේ සිට එරට සංචාරකයන් රැගත් එයාර් අස්තානා පළමු මංගල ගුවන් යානය අද සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
කසකස්තානයේ අල්මාආටා නුවර ජාත්‍යාන්තර ගුවන් තොටුපොළේ සිට මෙම යානය පියාසර කර ඇත.
මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 182 ක් ඇතුළුව කාර්යය මණ්ඩලය190 දෙනෙක් පැමිණ සිටියහ .
මෙම ගුවන් යානා සදුදා සහ බ්‍රහස්පතින්දා වශයෙන් සෑම සතියකම දින 02 ක් , එළඹෙන 2026 වසරේ මාර්තු මස 31 දින තෙක් කසකස්තානයේ අල්මාආටා සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිගන රටක් ඕක...
ගුවන් තොටුපොළට ගුවන් යානයක් ආවා කියන එක මහා ලොකු ප්‍රවෘතියක්ද? අහන්නකෝ අපේ අනුර සහෝදරයාගෙන්!!! එතුමා විපක්ෂයේ ඉන්නකොට කීවනේ ගුවන් යානයක් එන එක, නැවක් එන එක, ප්‍රවෘත්තියක් නොවෙයි කියලා! ඒ වගේද එයිට වඩා වැදගත් ප්රවෘත්ති තියනවනේ! අර ඇමැතිලා කීප දෙනෙක් කෝච්චියක් ස්ටේෂමට ආවා කියලා සංචාරකයෝ එක්ක "ආපදා වන්නම" නැටුව හැටි ගැන කියන්නකෝ අනේ...! ඒවානේ වැඩ...!