විනීතා එම් ගමගේ
දිවයිනේ විවිධ පළාත්වල නිපදවන කෘෂිකාර්මික බෝග නගරවලට ප්‍රවාහනය කිරීම සදහා දුම්රිය යොදාගන්නැයි මගී ප්‍රවාහන කළමණාකරන හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුමිරිය සාමාන්‍යධිකාරිවරයාට උපදෙස් දී තිබේ.
දැනට සිදුකෙරෙන අන්දමට එළවළු හා පළතුරු ප්‍රවාහනයේ දී විශාල නාස්තියක් සිදුවන අතරම විශාල පිරිවැයක් ද දැරීමට සිදුව තිබෙන බවත් එය පාලනය කරගනිමින් දුම්රියෙන් විශාල තොගයක් එකවර ප්‍රවාහනය කළ හැකි වන බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි යාපනය, අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව, පුත්තලමහ, නුවරඑළිය, බෙලිඅත්ත, වැනි ප්‍රදේශවල සිට එම නිෂ්පාදන ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කිරිම සදහා අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇතැයි දුම්රිය සාමාන්‍යධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා අමාත්‍ය මිහන්ද අමරවීර මහතා වෙත දැනුම් දී ඇතැයි අමාත්‍යංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
බහලූම් ප්‍රවාහනයේ දී ද දුම්රිය යොදා ගැනීමේ හැකියාව පිළිබදව අමාත්‍යවරයා සාකච්ඡා කර ඇති බවත් ඒ සදහා දුම්රිය තට්ටු ඇණියක් සැකසීමට දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ද හෙතෙම සදහන් කළේය.
මෙම වැඩපිළිවෙල සම්බන්ධව ව්‍යාපාරික ප්‍රජාව සමගද අමාත්‍යවරයා ලබන සතියේ සාකච්ඡුා කරනු ඇතැයි කී එම නිලධාරියා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් මාර්ග තදබදය අවම කර ගැනීමටත් එයින් දෛනික ඉන්ධන හා කාලය නාස්තිවීම අවම වන බවත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිතුමාට මේ පාරනම් ආවේ නියම අදහසක්නේ.. අම්මපා මේ වගේ අදහස් හැමදාම එනවා නම් ඇමැතිතුමා ගොඩේගොඩනේ...
කෝච්චි ටික නියමිත වෙලාවටම ධාවනය කරවන්න පුළුවන් නම් හොඳයි. මොකද කවදාකවත් මේ දක්වා කිසිම දුම්රියක් කියපු වෙලාවට නම් ඇවිල්ලා නෑ. අනිත් කාරණය දුම්රිය සේවකයන්ගේ බඩු පැටවීම හා බෑම. එයාලා බඩු බානවා, පටවනවා නෙමෙයි විසිකරනවා. ඉතින් එළවලු ගෝනිත් ඒ වගේම විසිකරයි. හරියට එයාර්පෝර්ට් එකේ බෑග් විසිකරනවා වගේ...
දේශපාලකයන්ට ඉඳල හිටලා හොඳ අදහස් ඔලුවට එනවා... උදාහරණ - එක අැමැතිකෙනෙක් ලංකාවේ පරණ කාර් අප්‍රිකාවට යවන්න කතා කළා.. එක් කෙනෙක් කුඩුකාරයන් එල්ලන්න. ඇස්බැස්ටෝස්, ග්ල්යිෆොසේට් තහනම් කරනවා කියලා උඩ පැන්නා. බොහෝ වෙලාවට හොඳ අදහස් පහළ වෙනකොට දේශපාලකයින්ට බලේ නැහැ... බලේ තිබෙන වෙලාවට මොලේ නැහැ.. සමහර වෙලාවට බලේ සහ මොලේ යන දෙකම තිබුණත් අර අමතක වීමේ රෝගේ හැදෙනවා... අපිත් අත්පුඩි ගසමින් මාධ්‍ය සංදර්ශනය බලලා ගෙදර යනවා.
අපේ ඇමතිතුමා මොලයක් නෙමෙයි.. මොල ගෙනියන කෝච්චියක්.. එහෙම හිතෙන, කියන එහෙයියොත් නැතුවම නෙමෙයි..
ලංකාවේ විශාලම එළවළු තොග විකිණෙන තැන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයයි. හැබැයි දුම්රියක් හොයාගන්න එක්කෝ කැකිරාවට යන්න වෙනවා. නැත්නම් මාතලේ යන්න වෙනවා. සුද්දා හදපු දුම්රිය මාර්ග ඔයාලා දික්කළා කියන්නයෑ...?