(යොහාන් භාසුර)

’කොවිඞ්’ ආසාදිතයන් ඔවුන් පදිංචි ස්ථානයට ආසනන්තම ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට හෝ අතරමැදි මධ්‍යස්ථානවලට ඇතුළත් කර ප‍්‍රතිකාර කිරීමට ‘කොවිඞ් 19’ විශේෂ ක‍්‍රියාකාරී කාර්ය සාධන කමිටුව තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි සහ ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ යන මහත්මීන්ගේ මහත්මයගේ ප‍්‍රධානත්වෙයන් ඊ රැස්වූ එම කමිටුවේදී මෙම තීරණය ගෙන තිබේ.

පුද්ගලයකු ආසාදිතයකු බවට පත්වූ විට ඔහුට සහ ඔහුගේ පවුල්වලට ඇතිවන මානසික පීඩනය පිළිබඳව අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය එම තීරණය ගෙන ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන කළ ප‍්‍රතිකර මධ්‍යස්ථානවලට අවශ්‍ය උපකරණ ලබාදීමටත් තීරණය කළේය.