
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ආසාදිත බවට තහවුරුවී ඇතත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් සිය නිවෙස්වලම නිරෝධායනය කිරීමට තීරණය කර ඇතැයි කොරොනා මර්දන රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය .
මෙම වැඩපිළිවෙල හෙට (17) සිට ක්‍රියාත්මක කෙරෙන බවද රාජ්‍ය ඇමතිවරිය කීවාය.
කෙසේ වෙතත් නිවෙස් වල නිරෝධායනය කෙරෙන මෙම රෝගීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තරව විමර්ශනයට ලක්කරන බවත් ඔවුන්ට යම් සංකූලතා මතු වුවහොත් වහාම රෝහල්ගත කිරීමට පියවර ගන්නා බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.
රෝගීන් නිවෙස්වල නිරෝධායනය කිරීම සඳහා විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කරනු ලැබීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පාර ගෙවල්වලම මැරෙන්න අරින්න හදන්නේ ඔන්න හොදටම කෙරෙල්ල.
මොනවා කරන්නද දුප්පත් අපි කියන දෙයට ඇහුම්කන් දෙනවා ඇරෙන්න.
කෙළින්ම කියන්න බයද? කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්... මේක ජාත්‍යන්තර ගේමක්... කොරෝනා කියන්නේ සෙමට දාපු අලුත් නමක්.. දැන් ඉතින් වැඩක් නැහැ... වැක්සීන් වලට සල්ලි බැඳලා කොමිෂන් අරන් ඉවරයි. නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..