(යොහාන් භාසුර)
රජය මෙම වසරේ ජූනි මස අවසන් වන විට ‘කොවිඩ්’ මර්දනය සඳහා සෘජු වියදම් සහ එන්නත් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 7500 ක් වැයකර ඇතැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවසීය.
මෙහිදී සෘජු වියදම් ලෙස රුපියල් කෝටි 5300 ක් (බිලියන 53) සහ ‘කොවිඩ්’ මර්දන එන්නත් මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 110 ක් හෙවත් රුපියල් කෝටි 2200 ක් වැය කර ඇතැයි කී ආටිගල මහතා පැවසුවේ මෙම වසරේ ආදායමේ යම්කිසි පසුබෑමක් ඇතිවිය හැකි බවයි.
රට වසා දැමීමත් සමඟ ජනතාවට රුපියල් 5000 බැගින් දීමනාව සහ නිරෝධානය වන පවුල්වලට රුපියල් 10000 ක බඩු මල්ලක් ලබාදීමට විශාල මුදලක් වැයකර ඇති බවත් නිරෝධානය වන පවුල්වලට රුපියල් 10000 ක් ලබාදීම තව දුරටත් ක්‍රියාත්මක වන බවත් ලේකම්වරයා කීය.
රජයේ ඇස්තමේන්තු ආදායමේ අඩුවක් මෙන්ම ඇස්තමේන්තු වියදමේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවත් ‘කොවිඩ්’ අවදානම හේතුවෙන් රට වඩා දැමීම මෙම තත්වයට හේතුව බවත් ලේකම්වරයා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ආර්ථිකය පිළිබඳව අද (30) පැවැති විශේෂ සාකච්ඡාවකදී මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය කියන්නේ පුද්ගලික සමාගමක් නොවෙයි නේද. මේ වියදම් කරන්නේ මහජනයාගෙන් අයකළ බදු මුදල්. ඉදිරියට රට ගෙනියන්න නම් රෝගය පාලනය සඳහා තව මුදල් වැය කරන්න වෙනවා...